හයිනන් පළාතේ පාරිසරික උරුමයන් හා අදාළ පර්යේෂණ කෙරෙහි චීන ජනපතිගේ ඍජු අවධානය
2022-04-11 18:41:06
Share with:


 චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හයිනන් පළාතේ තුන්වතාවක් සංචාරය කළා. පසුගිය 10වනදා, මෙම වසරේ තුන්වන දේශීය සංචාරය වශයෙන් ඔහු යළිත් හයිනන් පළාතට පැමිණ, එහි සන්යා නගරයේ විද්‍යා පර්යේෂණ ආයතන දෙකක් විශේෂයෙන් නිරීක්ෂණය ක‍ර තිබෙනවා.

10වනදා සවස ෂී ජින්පිං මහතා ප්‍රථමයෙන්ම යාචෞවන් බීජ රසායනාගාරයට පැමිණ හයිනන් පළාතේ බීජ නවෝත්පාදන තත්ත්වය විමසා බැලුවා. එම බීජ රසායනාගාරය ස්ථාපිත වූයේ 2021  වසරේ මැයි මාසයේ. දේශීය විද්වතුන් 20 දෙනෙකු පමණ එහි කටයුතු කරමින් සිටිනවා. බීජ යනු, රටේ ආහාර සුරක්ෂිතතාවයේ කේන්ද්‍රය බව එහි සංචාරය කරමින් ෂී ජින්පිං මහතා අවධාරණය කළා.


අනතුරුව ඔහු චීන සාගර විශ්වවිද්‍යාලයේ සන්යා සාගර පර්යේෂණ ආයතනය නිරීක්ෂණය කරමින් සාගර විද්‍යා තාක්ෂණය පිළිබඳ තත්ත්වය ද විමසුවා.

‘දකුණු චීන මුහුදු කලාපය පිළිබඳ නිරීක්ෂණ ජාලය’ ගොඩනැගීම හා ‘දකුණු චීන මුහුදු කලාපයේ මහ දත්ත මධ්‍යස්ථානය’ සංවර්ධනය වර්තමානයේ සන්යා සාගර පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කාර්යභාර දෙකක්.

බීජ කර්මාන්තයේ ‘රිදී නිම්නය’ හා ‘බීජ අභිජනන ස්වර්ගය’ ලෙස හයිනන් පළාත විරුදාවලි ලබා තිබෙනවා. රටේ තුනෙන් දෙකක මුහුදු කලාපයේ පරිපාලනය හිමිවන්නේත් හයිනන් පළාතටයි. ෂී ජින්පිං මහතා හයිනන් පළාතේ සන්යා නගරයේ සිදු කළ මෙවර සංචාරයේ ප්‍රධාන තේමා දෙක බවට බීජ හා සාගරය පත්වන්නේ, ඒවා හයිනන් පළාත සතු  වටිනා භූගෝලීය මෙන්ම පාරිසරික  සම්පත් වන නිසායි.



ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම