අත්වැරදීමකින් පාකිස්ථානයට මිසයිලයක් එල්ල කිරීම පිළිබඳ පරීක්ෂණය ඉන්දියාව අවසන් කරයි
2022-04-11 11:23:40
Share with:

   

    අත්වැරදීමකින් පාකිස්ථානයට මිසයිලයක් එල්ල කිරීම පිළිබඳ පරීක්ෂණය ඉන්දියාව අවසන් කරයි.

    පසුගිය මාර්තු 9වැනි දා තාක්ෂණික දෝෂ හේතුවෙන් ඉන්දියාව “වැරදි ලෙස”පාකිස්ථානයට BrahMos මිසයිලයක් එල්ල කළේ ය. මෙම සිද්ධිය පිළිබඳව පාකිස්ථානය ඉන්දියාවට විරෝධය පළකරමින් ඒකාබද්ධ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබිණ. සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව පරීක්ෂණ කමිටුවක් ස්ථාපනය ක‍ළේය. ප්‍රහාරයට අදාළ නිලධාරීන් ප්‍රමිතිගත වැඩපිළිවෙළක් අනුගමනය කර නොමැති බැවින් එම අත්වැරදීමට වග කිව යුතු බවත් , ඔවුන්ට කඩිනමින් දඬුවම් ලබා දෙන බවත්, ඉන්දියාව පවසයි. ඉන්දීය ජාතිකාරක්ෂක අමාත්‍යාංශය එම පරීක්ෂණ කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බලා, ඉදිරි සති කිහිපයේදී වැඩිදුර පියවර ගනු ඇත. ඉදිරියේදී මෙවන් සිද්ධියක් නැවත සිදුනොවන ආකාරයට ඉන්දීය ගුවන් හමුදා කටයුතු කරන බව ඉන්දියාව කියා සිටී.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම