විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය පාර්ලිමේන්තුවට
2022-04-11 17:14:27
Share with:

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.සමගි ජන බලවේගයේ නීතිඥයන් කණ්ඩායමක් මඟින් මේ වන විට එම යෝජනාව සකස් කරමින් සිටින බව, එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත දැනට ක්‍රියාත්මක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලතල හිමි අගමැති පාලන ක්‍රමයක් යෝජනා කෙරේ.

ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයට පෙර ඉහත යෝජනාවලිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට කටයුතු කරන බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.




ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම