ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කඩිනමින්
2022-04-09 18:54:06
Share with:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කිරීමට රජය තීරණය කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.අයවැය පරතරය අඩුකර ණය ගෙවීමට හැකි පරිදි ආර්ථිකය පවත්වාගෙන යා යුතු බව හෙතෙම සඳහන් ක‍ළේ ය. විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා මුල්‍ය කළමනාකරණ වගකීම් පනත ක්‍රියාත්මක කලේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව පැවසීය. මෙරට උද්ධමනය සියයට 30 ඉක්මවා ගොස් තිබේ. ගෑස්, විදුලිය වැනි ගැටඑවලට ජනතාව මුහුණ දී සිටිති. ජනතාවට සහන ලබාදෙන වැඩසටහනක් ජනාධිපතිවරයා ඉදිරිපත් කල යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම