සමගිය හා සහයෝගිතාව ශක්තිමත් කිරීමෙන් ගෝලීය අභියෝග ජය ගත හැකි බව පසක් කළ බෙයිජිං සීත සෘතු ඔලිම්පික් උළෙල
2022-04-08 20:40:21
Share with:

“විවිධ දුෂ්කරතා මැඩපවත්වමින් විවිධ රටවල ජනතාව සමග එක් ව ඉතිහාසගත වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නිර්මාණය කිරීමට චීන ජනතාවට හැකි වුණා.”යනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (08) බෙයිජිංහි 2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පැවති සම්මාන ප්‍රදානෝත්සවයට එක් වෙමින් පැවසීය.

එම ක්‍රීඩා උළෙල දෙක පැවැත්වුණේ ගෝලීය කොවිඩ් වසංගතය බැරෑරුම් තත්ත්වයක තිබුණු අවස්ථාවේදී ය. ක්‍රීඩා උ‍ළෙල පැවැත්වුණු කාලයේ ඉතා ඵලදායී ලෙස වසංගතය පාලනය කරමින්, ජාත්‍යන්තර ක්‍රියාකාරකම් සංවිධාන කිරීමේදී වසංගත පාලනය සිදු කළ යුතු ආකාරය පිළිබඳව ජගත් ප්‍රජාවට මනා අත්දැකීම් ලබාදීමට චීනය සමත් විය. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල හරහා විශිෂ්ටත්වය හඹා යන විවෘත චීනයක් ලෝකය දැක තිබේ. ක්‍රීඩා උලෙළ සඳහා ඉදි කළ ක්‍රීඩාංගන, චීන සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් ආරම්භක උත්සව හා සමාප්ති උත්සව, චීන ඔලිම්පික් ගම්මානවල ක්‍රීඩකයන්ට සංග්‍රහ කළ චීන රසවත් ආහාර ඇතුළු දේ මගින් චීන සංස්කෘතික අද්විතීත්වය හා චීන ජනතාවගේ ආගන්තුක සත්කාර ගුණය පිළිබිඹු වී ඇත.

   කොවිඩ් වසංගතය හා ගැටුම්කාරී ජාත්‍යන්තර තත්ත්වය හමුවේ චීනය සියලු අභියෝග ජය ගනිමින් 2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සාර්ථක ව පැවැත්වීය. එමගින් ජගත් ප්‍රජාවේ සමගියේ හා මිත්‍රත්වයේ වටිනාකම යළි ඉස්මතු වී තිබේ. එම ක්‍රීඩා උළෙල දෙක අවසන් වී මාසක පමණ කාලයක් ගත වී ඇත. කොවිඩ් වසංගතය තවමත් පැතිරෙමින් පවතී. ජාත්‍යන්තර තත්ත්වය විශාල වශයෙන් විපර්යාස වෙමින් තිබේ. මෙවන් පසුබිමක් යටතේ බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ජීවගුණයෙන් ලෝකයට විශ්වාසය හා ශක්තිය එක් වීම ඉතාමත් අගනා දෙයකි. අප ජීවත් ව සිටින්නේ එකම ‍ලොවක ය. සමගිය හා සහයෝගිතාව ශක්තිමත් කිරීමෙන් පමණක් මානවයාට විවිධ ගෝලීය අභියෝග ජය ගත හැකිය.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම