ඉන්දීය විදුලිබල අංශයට චීනය සයිබර් ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකාවෙන් අසත්‍ය ප්‍රකාශයක්
2022-04-08 20:20:13
Share with:

මෑකතදී ඇමරිකානු අසත්‍ය වාර්තාවක සඳහන් වූයේ ඉන්දීය විදුලිබල අංශයට චීනය සයිබර් ප්‍රහාර එල්ල කරන බවයි.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා මෙය තරයේ ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, ජාත්‍යන්තර ප්‍රජාව විශේෂයෙන්ම චීනයේ අසල්වැසි රටවල්, ඇමරිකාවේ සැබෑ අභිප්‍රායන් පිළිබඳව ඔවුන්ගේම විනිශ්චයන් ඇති බවට විශ්වාස කරන බවයි.

ඇමරිකානු Recorded Future සමාගමේ වාර්තාවකට අනුව, චීන රජය හා සම්බන්ධ ඊනියා හැකර්වරු, මෑත මාසවල ඉන්දියාවේ බලශක්ති අංශයට එරෙහිව සයිබර් ඔත්තු බැලීම් සිදු කර තිබේ. මෙම තොරතුරු ඉන්දියානු රජයට ලබා දී ඇති බව එම වාර්තාවේ සඳහන් විය.

මේ පිළිබඳව Zhao Lijian මහතා සඳහන් කළේ, ඉන්දියානු නිලධාරීන් අදාළ සයිබර් ක්‍රියාකාරකම් චීනය හා සම්බන්ධ කර නොමැති බවයි. ඉන්දීය බලධාරීන් අවධාරණය කළේ, අදාළ සයිබර් ක්‍රියාකාරකම් ඕනෑම රටකින් පැමිණිය හැකි අතර, ඉන්දියාව තමන්ගේම සයිබර් ආරක්ෂාව තර කිරීමට පියවර ගනු ඇති බවයි.

දිගු කාලයක් පුරා සිය හවුල්කාරීත්ව බලයන් ගොඩනැගීම ශක්තිමත් කිරීමේ නාමයෙන්, ඇමරිකාව සහ චීනයේ අසල්වැසි රටවල් සමඟ සයිබර් අවකාශයේ මිලිටරි සහයෝගීතාවයන් හී නිරතව සිටී. චීනය වටා සයිබර් ආරක්ෂණ යෙදවීම ඇමරිකානු අභිප්‍රායයි. මේ සඳහා ඇමරිකානු රජය සහ ඇතැම් සයිබර් ආරක්ෂණ සමාගම් 'චීන හැකර් ප්‍රහාරය' පිළිබඳ ව්‍යාජ තොරතුරු ක්‍රමානුකූලව පතුරුවා හැරීමට ආරම්භ කර තිබේ. මේ පිළිබඳ චීනය දැඩි විරෝධය පළ කරන බව, Zhao Lijian මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම