බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසර භාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමක්
2022-04-07 19:02:29
Share with:

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසර භාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමක් පත් කෙරේ. එහි සාමාජිකයන් වශයෙන් මුල්‍ය සහ ආර්ථික විශේෂඥතාව පිළිබඳ කීර්තිමත් කණ්ඩායමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, ජෝර්ජ් ටවුන් විශ්ව විද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ශාන්තා දේවරාජන් මහතා සහ ආයතනිය ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ෂාර්මනි කුරේ මහත්මිය එම උපදේශක කණ්ඩායමේ සාමාජිකයෝ වෙති. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන් ඉදිරියට ගෙනයාම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සම්බන්ධතා පවත්වාගෙන යාම මෙම කණ්ඩායමේ ප්‍රධාන කාර්යභාරයයි.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම