රුසියානු-යුක්රේන සාකච්ඡා ප්‍රගතිය ඉදිරියට ගෙන යා යුතුයි
2022-04-07 11:03:03
Share with:

පසුගිය 5වැනි දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යුක්රේන තත්ත්වය පිළිබඳ විවෘත රැස්වීමක් පැවැත්වීය. “Bucha සිද්ධිය” එහි අවධානයට ලක් වී ඇත.

එම සිද්ධිය පිළිබඳව, රුසියාව හා යුක්රේනය සිය මතවල එල්බ සිටී. යුක්රේන මාධ්‍ය පසුගිය දා එරට Bucha උප නගරයේ සාමාන්‍ය ජනතාව ඝාතනය වූ බව දැක්වෙන ඡායාරූප හා වීඩියෝ පට අනාවරණය කළේ ය. රුසියානු හමුදාව එම ඝාතනය සිදු කළ බවට යු‍ක්රේන රජය චෝදනා කර තිබේ. රුසියාව ඊට තරයේ ම විරෝධය පළ කළේ ය. එවැනි ඊනියා “අපරාධ සාක්ෂි” රුසියා හමුදාව Bucha උප නගරයෙන් ඉවත් වීමෙන් පසු, යුක්රේන හමුදාව හා එරට මාධ්‍ය ළඟා වීමෙන් පසු දක්නට ලැබුණු බව රුසියාව පවසයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත රුසියාව අදාළ සාක්ෂි ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්, ඇමරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල් අවසාන තීරණයකට එළඹීමට පෙර සිය අභිමතය පරිදි තීරණයක් නිර්මාණය කළේ ය. රුසියාවට එරෙහිව පියවර රැසක් යොදා ගෙන තිබේ. ඇමරිකානු ජනාධිපතිවරයා රුසියානු හමුදාව Bucha උප නගරයේ “යුධ අපරාධය” සිදු කළ බවට චෝදනා කිරීම, රුසියාවට එරෙහිව නව වටයේ සම්බාධක පැනවීම, යුරෝපීය රටවල් 10ක් පමණ විශාල පරිමාණයෙන් තම රටේ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් පිටුවහල් හැරීම ඊට ඇතුළත් ය.

“Bucha සිද්ධිය” පිළිබඳව, ඕනෑ ම චෝදනාවක් සත්‍ය මත පදනම් විය යුතු බව චීනය කියයි. අවසාන තීරණයකට එළඹීමට පෙර විවිධ පාර්ශ්ව සංවෘත ආකල්පයේ රැඳී සිටිමින් සත්‍ය රහිත චෝදනා නොනැගිය යුතු බව චීනයේ ස්ථාවරය වී ඇත.

ඇතැම් විශ්ලේෂණ වලට අනුව, රුසියානු-යුක්රේන සාකච්ඡා සක්‍රීය ප්‍රගතියක් ලබා ගනිමින් ඇති අවස්ථාවක දී “Bucha සිද්ධිය” හට ගත්තේ ය. මෙය, රුසියාව හා යුක්රේනය අතර ගැටුම් අවසන්වීම දැකීමට අකමැති බලවේගයන් ඊට බාධා කිරීමේ කූට උපක්‍රමයක් දැයි යම්තාක් දුරකට අනුමාන කළ හැකිය. වර්තමානයේ, ජගත් ප්‍රජාව කළ යුත්තේ “Bucha සිද්ධිය” කෙරෙහි ස්වාධීන ව හා යුක්ති සහගත ලෙස පරික්ෂා කිරීම ය. එසේ ම, රුසියාව හා යුක්රේනය අතර සාකච්ඡා පවත්වමින් යුද්ධය නතර කිරීමට ද ජගත් ප්‍රජාව තවදුරටත් සහාය දැක්විය යුතු ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම