තායිවානයට සංවර්ධනය විය හැක්කේ ඇමරිකාවෙන් අවි මිළදී ගැනීමෙන් නොව චීන මහ ගොඩබිම සමග සාමකාමී සම්බන්ධතා පවත්වා ගැනීමෙන් පමණි
2022-04-07 20:44:36
Share with:

  

                   ඩොලර් මිලියන 95ක් පමණ වටිනා Patriot මිසයිල තාක්ෂණික ආධාර ව්‍යාපෘතිය චීනයේ තායිවාන පළාතට විකිණීමට පසුගිය දා ඇමරිකාව තීරණය ක‍ළේය. බයිඩන් රජය බලයට පත්වීමෙන් පසු තායිවාන පළාතට ඇමරිකාව සිදු කළ තුන්වන අවි අලෙවිය මෙයයි. මීට මාස 2කට පෙර ඇමරිකාව තායිවාන පළාතට අවි අලෙවි කර තිබිණ.

                   චීන-ඇමරිකානු සම්බන්ධතාවේ දේශපාලන පදනම වන්නේ දෙරට ඒකාබද්ධව නිකුත් කළ නිවේදන තුනයි. තායිවානයට අවි අලෙවි කිරීම ක්‍රමයෙන් අඩු කර යම් කාලයක් ගත වීමෙන් පසු එම අවි ‍අලෙවිය සම්පූර්ණයෙන් නතර කරන බවට එම නිවේදනයෙන් ඇමරිකාව පැහැදිලිව පොරොන්දු විය. එහෙත් ඉන් අනතුරුව ඇමරිකාව ඒකාපර්ශ්වික ව “තායිවාන සබඳතා පනත” සම්පාදනය කර එම පනත මගින් තායිවානයට අඛණ්ඩව අවි අලෙවි කිරීමට කටයුතු කර තිබේ. ජගත් ප්‍රජාව එකම චීනය ප්‍රතිපත්තිය ‍පිළිගැනීම එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ 2758වැනි තීරණය තහවුරු කර තිබේ.ඇමරිකාවේ මෙවන් ක්‍රියා ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනයක් ද වන බව කිව හැකි ය.

                   තායිවානය චීනයේ පළාතක් වුව ද එහි පාලකයන් චීනයෙන් වෙන් වී ස්වාධීන වීමට වෑයම් දරමින් සිටින බව ‍නොරහසකි. තායිවානයට අවි අලෙවි කිරීමෙන් චීනයට බාධා ඇති කිරීම ඇමරිකාවේ අරමුණ වී ඇත. චීනය තුළ බෙදීමක් ඇති කිරීමට  පමණක් නොව ලොව පුරා ගැටුම් හා යුද්ධ ඇවිස්සීමට ද ඇමරිකාව පුදුමාකාර උනන්දුවක් දක්වමින් සිටී.

                      ලෝකයේ ඇත්තේ එකම චීනය පමණි. තායිවානය චීනයේ කොටසකි. මෙය වෙනස් කළ නොහැකි සත්‍යයයි. ඇමරිකාවෙන් අවි මිළදී ගැනීමෙන් නොව චීන මහ ගොඩබිම සමග සාමකාමී සම්බන්ධතා පවත්වාගෙන යාමෙන් පමණක්  තායිවානයට තවදුරටත් සංවර්ධනය විය හැකි බව පැහැදිලි කරුණකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම