පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ
2022-04-06 20:02:40
Share with:

එළඹෙන වාරයේ සිට පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමේ වැඩපිළිවෙළ අප්‍රේල් 18 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.

මෙම වසරට (2022) අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණයට හේතු වී තිබෙන අතර වේලාව පැයකින් දීර්ඝ කිරීම නිසා දින විස්සක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකි වන බව අමාත්‍යංශයේ අපේක්ෂාවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම