21 වෙනි සියවසට ඇමරිකාව දැමූ අළුත්ම උගුල
2022-04-06 20:06:36
Share with:

         

         යුක්රේන අර්බුදය ඇමරිකාව 21වැනි සියවසට අලුතින් දමා ඇති උගුලකි. රුසියාව දුර්වල කරමින් යුරෝපය පාලනය කරමින් සිය ගෝලීය ආධිපත්‍යය රැක ගැනීම, එම උගුලේ අරමුණ වී තිබේ. ගත වූ දශක කිහිපයේ ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය දේශපාලනික හා ආර්ථික වශයෙන් රුසියාව දුබල කිරීමට දැඩි වෑයමක් දරා ඇත. “යුක්රේන යුද්ධය පුරෝකථනය කළ හැකි, ඇත්ත වශයෙන්ම පුරෝකථනය කළ සහ හිතාමතාම නිර්මාණය කළ අර්බුදයක්. ”යනුවෙන් සෝවියට් සංගමයේ සිටි අවසාන ඇමරිකානු තානාපති Jack Matlock මහතා මෑතකදී ලිපියක් පළ කරමින් කියා සිටියේ ය. ඔහු සඳහන් කළ පරිදි යුකේරේන අර්බුදය ඇමරිකාව යුක්රේනය, යුරෝපය සහ රුසියාව වෙනුවෙන් දමා ඇති විස මාත්‍රාවකි.

        යුක්රේන අර්බුදය උග්‍ර වීමෙන් පසු ඇමරිකාව සිය ‍යුරෝපා සන්ධානකරුවන් සමග එක්ව රුසියාවට එරෙහිව පෙර නොවූ විරූ සම්බාධක පනවා තිබේ. ඒ සමග ම යුරෝපයේ උපාය මාර්ගික ස්වයංපාලනය දුබල කරමින් ඇමරිකාව  විසින් යුරෝපය වඩාත් අනතුරුදායක තත්ත්වයකට පත් කර තිබේ.

          රුසියා-යුක්රේන ගැටුමේදී ඇමරිකාව ඉලක්ක කළ තවත් රටක් වන්නේ චීනයයි. යුක්රේන තත්ත්වය ගැන ඉතා කණගාටු වන බව චීනය යළි යළිත් ප්‍රකාශ කිරීමෙන් පසු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චීනයට පහර දීම ආරම්භ කර තිබේ. චීනය හා රුසියාව එක් කණ්ඩායමක් මෙන් ම බටහිර රටවල් තවත් කණ්ඩායමක් වශයෙන් සලකන බව එම රටවල් කියා සිටී. මෙය , සීතල යුධ මානසිකත්වයකි. Wall Street Journal පුවත්පතේ වාර්තා අනුව යුක්රේන යුද්ධය මතු වීමෙන් පසු ඇමරිකාව සිය හමුදා අයවැය වැඩි කරමින් රුසියාව අසල යුද ක්‍රියාකාරකම් පුළුල් කරන අතර චීනයට එරෙහි ව දිගුකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවක ද පසුවෙයි. බයිඩන් රජය සීතල යුධ මනසින් කටයුතු කරන බව ඇමරිකාවේ The National Interest සඟරාව විචාර ලිපියක් පළ කරමින් පවසයි. එහෙත් සීතග යුද්ධය ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික ස්වර්ණමය යුගයක් නොව ලොව මිලියන ගණනක ජීවිත අහිමි කළ ඛේදවාචකයක් බව එම සඟරාව පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම