පවතින තත්ත්වය මත පාසල්වලට දරුවන් කැඳවීමේ වෙනසක්
2022-04-04 18:52:51
Share with:

අද සිට ලබන සිකුරාදා දක්වා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට කැදවිය යුත්තේ වාර පරීක්ෂණ සඳහා පෙනි සිටින දරුවන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. සියලුම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට වාර්තා කළ යුතුය.

ප්‍රාථමික අංශ සිසුන් කැදවීම අවශ්‍ය නොවේ.

මේ වනවිට අධ්‍යයන කටයුතු සහ වාර පරීක්ෂණ අවසන් කර ඇති සිසුන් කැදවීමද අවශ්‍ය නොවන බව ලේකම්වරයා දැනුම් දෙයි.

අද සිට ලබන සිකුරාදා දක්වා බස්නාහිර පලාතේ සියලුම කතෝලික පෞද්ගලික පාසල් සහ කතෝලික ජාත්‍යන්තර පාසල් වසා තැබෙන බව කතෝලික පුද්ගලික පාසල් සාමාන්‍යාධිකාරි ගැමුණු ඩයස් පියතුමා දැනුම් දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම