ඇමරිකානු දේශපාලකයන්ගේ, හොරා අල්ලන්නැයි කෑගසන හොරාගේ පැරණි උපක්‍රමය ලෝකයා ඉදිරියේ හෙළිදරව් වනු ඇත!
2022-04-03 15:44:17
Share with:

බ්‍රිතාන්‍යයේ ටයිම්ස් පුවත්පත පසුගිය 1 වනදා ඇමරිකාවේ ඊනියා බුද්ධි මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කළේ , යුක්‍රේනයට එරෙහිව රුසියාවේ විශේෂ හමුදා ක්‍රියාමාර්ගයට ආසන්න දිනකදී චීනය යුක්රේන හමුදා සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත “මහා පරිමාණ සයිබර් ප්‍රහාරයක්” දියත් කළ බවය. එම චෝදනා යුක්රේන ජාතික ආරක්ෂක ඒජන්සියෙන් පැමිණි බව ද ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කළේය. 

   තමන් එවන් තොරතුරක් කිසිදු මාධ්‍යයකට ලබා නොදුන් බව  පවසමින් යුක්රේන ජාතික ආරක්ෂක ඒජන්සිය, සමාජ මාධ්‍ය ගණනාවක් ඔස්සේ වහාම මෙම කටකතාව  ප්‍රතික්ෂේප කළේය. තමන් මේ පිළිබඳව විමර්ශනය නොකළ බවත්, ඊනියා "විමර්ශන නිගමනය ක් " පවසා ඇති ටයිම්ස් පුවත්පත සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් යුක්රේන ජාතික ආරක්ෂක ඒජන්සිය පෙන්වා දුන්නේය. මයික්‍රොසොෆ්ට් හි හිටපු ජ්‍යෙෂ්ඨ බුද්ධි විශ්ලේෂකයෙකු වන Kevin Beaumont, සමාජ මාධ්‍යවල ටයිම්ස් පුවත්පතේ මෙම වාර්තාව නැවත පළ වන විට, "මෙය සම්පූර්ණ අසත්‍ය කතාවකැයි " සදහන් කළේය. 

ඇත්ත වශයෙන්ම, සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් ගත් කල, ඇමරිකාව සැබෑ හැකර් අධිරාජ්‍යය වන අතර සයිබර් ප්‍රහාරවල ප්‍රධාන ගොදුර වන්නේ චීනයයි. චීනයේ ජාතික අන්තර්ජාල හදිසි මධ්‍යස්ථානය විසින් මෑතකදී සොයාගනු ලැබුවේ, පෙබරවාරි මස අග සිට විදේශීය සංවිධාන විසින් චීනයේ පරිගණක ප්‍රහාර මගින් පාලනය කර ඇති අතර, පසුව රුසියාව, යුක්රේනය සහ බෙලරුසියාව වෙත ද සයිබර් ප්‍රහාර එල්ල කර ඇති බවයි. මෙම ප්‍රහාර ලිපින ප්‍රධාන වශයෙන් ඇමරිකාවෙන් පැමිණ ඇති බවද  විශ්ලේෂණයෙන් හෙළිවිය.

යුක්රේනයට එරෙහි චීනයේ "සයිබර් ප්‍රහාරය" පිළිබඳ ඊනියා වාර්තාව චීනයට චෝදනා කිරීමට ඇමරිකාව සහ බටහිර රටවල්  යුක්රේන අර්බුදය අතරතුරම භාවිත කරන නවතම උපක්‍රමයකි. එය පදනම් විරහිත කටකතාවකි.

චීනය සහ රුසියාව අතර පවතින භූ දේශපාලන ව්‍යාකූලතාවයෙන් වැඩි අවශ්‍යතා උදුරා ගැනීමටත්, චීනයේ ප්‍රතිරූපයට මඩගැසීමටත් ඇමරිකාව උපරිම උත්සාහයක් ගන්නා බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකානු දේශපාලකයන් "හොරා අල්ලන්නැයි" හඬන සොරෙකුගේ උපක්‍රමය නතර කළ යුතුය.එසේ නොවුවහොත් ඔවුන්ගේ විශ්වසනීයත්වය සම්පූර්ණයෙන්ම විනාශ වනු ඇත. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම