හදිසි නීතිය සහ ඇඳිරිනීතිය ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
2022-04-03 16:48:27
Share with:

හදිසි නීතිය සහ ඇඳිරිනීතිය ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

 

හදිසි අවස්ථා නීතිය හා ඇඳිරිනීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබේ.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර, ඇඳිරි නීතිය කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව, පොලීසිය පවසයි.3 වැනිදා පස්වරු 6.00 සිට බලපැවැත්වෙන පරිදි රට පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය අවසන් වන්නේ හෙට (04) උදේ 6.00 ටයි.

ඇඳිරි නීතිය බලපවත්නා කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතනවල සේවය කරන සාමාජිකයන්ට ආයතනික හැඳුනුම්පත හෝ පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ලියවිල්ලක් ඉදිරිපත් කොට සේවයට වාර්තා කළ හැකිය. ගුවන් තොටුපළට යන-එන මගීන්ට ගුවන් ටිකට්පත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.රාජ්‍ය තාන්ත්‍රික විදේශීය දූත මණ්ඩලවල සේවය කරන සාමාජිකයින්ට ද ඔවුන්ගේ හැඳුනුම්පත ඉදිරිපත් කර ගමන් කළ හැකිය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම