චීන යුරෝපා සංගම් සබඳතාවල "ස්ථාවරත්වය" සමඟ ලෝකයේ "අවිනිශ්චිතතාව"ට පිළියම්
2022-04-02 20:36:36
Share with:

"චීනය සහ යුරෝපා සංගමය ලෝක සාමය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේග දෙක විය යුතු අතර, චීන යුරෝපා සංගම් සබඳතාවල ස්ථාවරත්වය සමඟ ජාත්‍යන්තර තලයේ පවතින අවිනිශ්චිතතාවයට ප්‍රතිචාර දැක්විය යුතුය." ඊයේ(1) සවස චීන ජනාධිපතිවරයා ඉහත ප්‍රකාශය කළේ, හෙතෙම බෙයිජිංහිදී වීඩියෝ ආකාරයෙන් යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මිෂෙල් මහතා සහ යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩිලේන් මහත්මිය හමුවූ අවස්ථාවේදීය. 

වසර දෙකකට ආසන්න කාලයකට පසු චීනය සහ යුරෝපා සංගම් නායකයින් අතර පැවැත්වෙන දෙවන වීඩියෝ හමුව මෙය වන අතර, සාමය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝකයට ප්‍රධාන සංඥාවක් එයින් නිකුත් කෙරෙයි.

යුක්රේන අර්බුදය හමුවේ චීනය සහ යුරෝපා සංගමයට සාමය සඳහා පොදු අපේක්ෂාවන් ඇත.මෙම වීඩියෝ රැස්වීමේදී, යුක්රේන අර්බුදය විසඳීම සඳහා ෂී ජීන් පීං ජනාධිපතිවරයා යෝජනා හතරක් ඉදිරිපත් කළේය. මෙම යෝජනා හතර වත්මන් ගැටුම සමනය කිරීම කෙරෙහි පමණක් නොව, යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ  ප්‍රතිපත්තිමය ස්ථාවරය ද පිළිබිඹු කරයි. යුරෝපයේ දිගුකාලීන ආරක්ෂාව සහ ලෝක තත්වයේ ස්ථාවරත්වය කෙරෙහි ද මෙම යෝජනා තුළින් අවධානය යොමුකෙරේ.

යුරෝපීය නායකයින් ෂී ජීන් පීං ජනාධිපතිතුමාගේ යෝජනාවලට ධනාත්මක ප්‍රතිචාර දැක්වූ අතර, චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට සහ ලෝක සාමය, ආර්ථික වර්ධනය සහ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනයට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළහ.

සැලැස්මකට අනුව, චීනය සහ යුරෝපා සංගමය හැකි ඉක්මණින් ඉහළ මට්ටමේ සංවාද පහක් පවත්වනු ඇත. චීනය සහ යුරෝපා සංගමය, ප්‍රධාන බලවේග දෙක, විශාල වෙළඳපොළවල් දෙකක් සහ ශිෂ්ටාචාර දෙක අතර සහයෝගිතාවය ශක්තිමත් කිරීම, මෙම රැස්වීම ලෝක සාමයට සහ සංවර්ධනයට ඉහළ ධනාත්මක ශක්තියක් ලබා දෙනු ඇතැයි පුරෝකථනය කළ හැකිය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම