මල්විනාස් දූපත් ආර්ජන්ටිනාවේ සදාකාලික වේදනාවක් නොවිය යුතුය!
2022-04-02 19:21:26
Share with:

මල්විනාස් දූපත් ආර්ජන්ටිනාවේ සදාකාලික වේදනාවක් නොවිය යුතුය!

මල්විනාස් දූපත්වල යුද්ධය ආරම්භ වී අදට (2) වසර 40ක් සපිරේ.

මීට වසර 40 කට පෙර, ආජන්ටිනාව සහ බ්‍රිතාන්‍යය අතර යුද්ධයක් ඇතිවූයේ යටත් විජිතවාදීන් විසින් අල්ලාගෙන සිටි මල්විනාස් දූපත්වල ස්වෛරීභාවය නැවත ලබාගැනීම සඳහා ය.දින 74ක් පැවති යුද්ධය බ්‍රිතාන්‍ය ජයග්‍රහණයෙන් අවසන් විය. එතැන් පටන් මල්විනාස් දූපත්වල ස්වෛරීත්වය ආර්ජන්ටිනාවේ ජනතාවගේ හදවත් තුළ නොමැකෙන වේදනාවක් බවට පත් විය.

"බ්‍රිතාන්‍යය තවමත් මල්විනාස් දූපත් පාලනය කරයි. අපි වසර 190 කට ආසන්න කාලයක් මල්විනාස් දූපත්වල ස්වෛරීත්වය ඉල්ලා සිටිමු. " " මෙම අධිරාජ්‍යවාදී රටවල් අධිපතිවාදය පසුපස හඹා යන අතර අනෙක් රටවල ජනතාව සහ ස්වෛරීභාවය ගැන කිසිදු තැකීමක් නොකරයි" ආජන්ටිනාවේ ප්‍රවීණයන්ගේ ජාතික සම්මේලනයට එක් වූ ප්‍රවීණයන්ගේ මෙම වදන් සම්පූර්ණයෙන්ම පෙන්නුම් කරන්නේ "යටත්විජිත උරුමය" පිළිපැදීම සඳහා බ්‍රිතාන්‍යය වෙනත් රටවල ඉඩම් අත්පත් කර ගැනීමේ අධිපතිවාදී ක්‍රියාව ආර්ජන්ටිනාවේ සහ ලතින් ඇමරිකාවේ ජනතාවට පවා හානි සිදුකළ ආකාරයයි.

පසුගිය වසර 40 තුළ, මල්විනාස් දූපත් ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වෛරීභාවය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස, ආජන්ටිනාවේ ඉල්ලීමට චීනය ඇතුළු බොහෝ රටවල් පැහැදිලිවම සහයෝගය දක්වා ඇති අතර ආරවුල සාමකාමීව විසඳීම සඳහා අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කර හැකි ඉක්මණින් සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස බ්‍රිතාන්‍ය පාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය.

මල්විනාස් දූපත් ගැටලුවේ අයිතිවාසිකම් සහ වැරදි ඉතා පැහැදිලි වන අතර එහි සාරය යටත්විජිතවාදයේ උරුමයකි.

යටත්විජිතවාදීන් තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කරන යුගය නිමා වී බොහෝ කල් ය. බි‍්‍රතාන්‍ය පාර්ශ්වය යටත් විජිත සිහිනයෙන් එළියට පැමිණ එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කරමින්  ආර්ජන්ටිනාව සමඟ සංවාදයක් සහ සාකච්ඡා ආරම්භ කිරීම මඟින් මල්විනාස් දූපත් ගැටලුව විසඳා ගත යුතුය. අද, ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතාන්ත්‍රීකරණය වීමත් සමඟ, මල්විනාස් දූපත් ආර්ජන්ටිනාවේ සදාකාලික වේදනාවක් නොවිය යුතුය!

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම