ඉදිරි සති දෙක තුළ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් එක්ලක්‍ෂ 20 දහසක් මෙරටට
2022-04-02 14:48:26
Share with:

ඉදිරි සති දෙක තුළ ඩීසල් මෙට්‍රික්ටොන් එක්ලක්‍ෂ 20 දහසක් මෙරටට ලැබීමට නියමිත බව, බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඉන්දීය ණය පහසුකම් යටතේ ඉන්ධන නෞකා 3 ක් මෙරටට පැමිණීමට නියමිතව තිබේ. මීට අමතරව ඩීසල් මෙට්‍රික්ටොන් 40 දහසක් රැගත් නෞකාවක් ද ඊයේ (01) දිවයිනට පැමිණියේය.

ලබන 5 වැනිදා සහ 14 වැනිදා තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40 දහස බැගින් වු නෞකා දෙකක් පැමිණෙන බව ද බලශක්ති අමාත්‍යාංශය කියයි. මේ අතර මුදල් ගෙවූ වහාම මෙරට මුහුදු සීමාවේ ඇති නෞකාවේ ඇති ඩීසල් මෙට්‍රික්ටොන් 37 500 ක් ගොඩබෑම ආරම්භ කරන බවද එම අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම