චීනය ශ්‍රී ලංකාවට සැබෑ මිත්‍රත්වයේ දෑත් දිගු කරන රටක්
2022-04-02 16:11:23
Share with:

චීන ශ්‍රී ලංකා සබඳතාව මෑත කාලයේ දී අංශ රැසකින් වර්ධනය වී ඇතැයි චීන ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගතා සංගමයේ ලේකම් කවීෂ ලොකුහෙට්ටිගේ මහතා පවසයි.

චීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වන සංවත්සරය යෙදෙන මෙම වසර දෙරට සබඳතාවේ සුවිශේෂී  වසරකි. දශක ගණනාවක් පුරා දෙරෙට් සබඳතාව විවිධ අවස්ථාවලදී පරීක්ෂාවට ලක්ව ඇත. විශේෂයෙන් විවිධ දුෂ්කර අවස්ථාවල දී චීනය ශ්‍රී ලංකාවට සැබෑ මිත්‍රත්වයේ දෑත් දිගු කර ඇතැයි ද හෙතෙම සඳහන් කරයි. වෙළඳ කටයුතු මෙන්ම සංස්කෘතික හා සාමාජීය අංශයන්ගෙන් ද දෙරටේ සබඳතාව වර්ධනය වී තිබේ.‍‍‍ කොරොනා වසංගතය පාලනය සඳහා එන්නත් සහනාධාර ලබාදීම ඊ‍ට මෑත කාලීනම උදාහරණය යැයි ද හෙතෙම කීය. ජාත්‍යන්තර වේදිකාවලදී ද චීනය හා ශ්‍රී ලංකාව එක්ව කටයුතු කර තිබේ. එක් තීරයක් එක් මාවතක් වැඩ සට‍හනේ සක්‍රීය සාමාජිකයෙකු ලෙසට ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා චීනයේ ඉහළ සහයෝගයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද චීන ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගතා සංගමයේ ලේකම් කවීෂ ලොකුහෙට්ටිගේ මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම