ඇමරිකාවේ කුප්‍රකට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පදනම ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අයහපත වපුරයි!
2022-04-01 19:52:50
Share with:

මෑතකදී, ඇමරිකාවේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පදනමේ සභාපති Damon Wilson, චීනයේ තායිවාන් කලාපයට පැමිණි දූත පිරිසකට නායකත්වය දෙමින්, ලෝකයේ "වර්ණ විප්ලවය" වෙනුවෙන් විවෘතව පෙනී සිටියේය. එසේම, ඔක්තෝබර් මාසය අග තායිපේ හිදී ඊනියා "ලෝක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ගෝලීය සම්මේලනය"පවත්වන බව ද ප්‍රකාශ කළේය. මේ කුප්‍රකට සංවිධානය චීනය අබියසටම ගොස් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අකටයුතුකම් කළේ "වර්ණ විප්ලවයක්" ඇතිකිරීමේ නිෂ්ඵල අරමුණකිනි.

ඇමරිකාවේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පදනම යනු ඇමරිකානු රජය විසින් අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධානයකි. එය ආරම්භයේ සිටම වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සහ වෙනත් රටවල නීත්‍යානුකූල පාලන තන්ත්‍රය කඩාකප්පල් කිරීම අරමුණින් ක්‍රියාත්මක වී ඇත."අද අප කරන බොහෝ වැඩ කටයුතු වසර 25 කට පෙර CIA සංවිධානය විසින් රහසිගතව සිදු කරන ලදැ"යි, සංවිධානයේ පළමු වැඩබලන සභාපති Allen Weinstein ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

එම සංවිධානය වසර ගණනාවක් තිස්සේ "හොංකොං නිදහස", "තායිවාන නිදහස", "ෂින්ජ්‍යං නිදහස" සහ "ටිබෙටයේ නිදහස" වැනි බෙදුම්වාදී බලවේගවලට සහයෝගය දක්වා තිබේ. 2020 දී පමණක්, එය චීනයේ දේශපාලන සහ සමාජ ස්ථාවරත්වය අනතුරේ හෙළන ව්‍යාපෘති 70 කට ආසන්න සංඛ්‍යාවකට ඇමරිකානු ඩොලර් මිලියන 10 කට අධික මුදලක් ලබා දී තිබේ.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පදනම බොහෝ රටවල් විසින් ජනප්‍රිය නොවන සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ ඔවුන්ගේ බොහෝ දුෂ්ට ක්‍රියාකාරකම්  නිසාය. 2019 දී, හොංකොං හි "කළු කුණාටු" ක්‍රියාකාරකම් උසිගැන්වීම පිළිබදව චීන රජය එම සංවිධානයට දඩුවම දී තිබේ.

තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන අතර, චීන-ඇමරිකානු සබඳතාවල දේශපාලන පදනම වන්නේ එකම චීනය මූලධර්මයයි. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පදනමේ මෙවර තායිවාන සංචාරය "තායිවාන ස්වාධීන" බලවේගයන්ට සහාය දැක්වීමෙන්, චීනයේ  ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව බරපතල ලෙස අභියෝගයට ලක්කර ඇත. තායිවාන සමුද්‍ර සන්ධිය නැවත එක්වීමේ  ප්‍රවණතාවය කිසිවකුට හෝ බලවේගයකට නතර කළ නොහැකිය. ඇමරිකාවේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පදනම වැනි චීන විරෝධී සංවිධාන, අතීතයේ දීත්  ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් "තායිවානය සමඟ චීනය පාලනය කිරීමේ" අසාර්ථක ප්‍රයත්නයක නිරත විය. එම උත්සාහයන් වර්තමානයේ හෝ අනාගතයේදීත් කිසිසේත් සාර්ථක නොවනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම