පවතින අර්බුදය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලිබල අමාත්‍යවරිය ඉල්ලාසිටී
2022-04-01 15:45:56
Share with:

පවතින විදුලි අර්බුදය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ ( 31) ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රන්ටැඹේ, කොත්මලේ, රන්දෙණිගල, වික්ටෝරියා වැනි ජලාශවලින්, යල කන්නය සඳහා ගොවීන්ට ජලය ලබා දීමට සිදුව ඇති නිසා බලාගාරවලට ප්‍රමාණවත් ජලය නොලැබෙන බව ඇය කියාසිටියාය.

එම ජල ප්‍රමාණය ඉතා කෙටි කාලයකට පමණක් ප්‍රමාණවත් බැවින් ජනතාව විශාල වශයෙන් විදුලිය ඉල්ලා සිටින කාලවලට සැපයුමක් ලබාදිය නොහැකි බව ඇය පෙන්වා දුන්නාය.

වීදි අලංකරණ ලාම්පු අනවශ්‍ය ලෙස භාවිත නොකරන ලෙසට ප්‍රාදේශීය සභා සහ නගර සභා බලධාරීන් දැනුවත් කළ බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තවදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම