කලහකාරී හැසිරීම පිටුපස අන්තවාදී කණ්ඩායමක්
2022-04-01 15:59:12
Share with:

නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත වූ පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණය වෙයි.

යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂකයන් උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස දෙසට ගමන් කර කලහකාරී තත්ත්වය ඇති කර තිබේ.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇත.

 සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින්, ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කලහකාරී තත්ත්වය ඇති කළ බව ඔවුන්ගෙන් අනාවරණය වී තිබේ.

ගැටුමේදී යුදහමුදා බස් රථයක්, පොලිස් ජීප් 1ක්, යතුරුපැදි 2ක් සහ ජල ප්‍රහාරක ට්‍රක් රථයකට හානි සිදුව ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම