"අසල්වැසි සැලැස්ම" ඇෆ්ගනිස්ථාන ජනතාවට වඩා යහපත් අනාගතයක් නිර්මාණය කරනු ඇත
2022-04-01 20:06:17
Share with:

"අසල්වැසි සැලැස්ම" වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ඇෆ්ගන් ජනතාවට සහාය වේ.

"සාමකාමී, ස්ථාවර, සංවර්ධිත සහ සමෘද්ධිමත් ඇෆ්ගනිස්ථානයක් එරට සියලු ජනතාවගේ අපේක්ෂාව වන අතර, එය කලාපීය රටවල සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ පොදු අවශ්‍යතාව වේ." ඇෆ්ගන් අසල්වැසි විදේශ අමාත්‍යවරුන්ගේ තුන්වැනි රැස්වීමට ලිඛිත දේශනයක් ඉදිරිපත් කළ චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ, ඇෆ්ගනිස්ථානයේ අසල්වැසියන් එරට ජනතාවට යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට සහාය විය යුතු බවයි. රැස්වීමෙන් පසුව, චීන නියෝජිතයා කරුණු අටකින් සම්මුතිය සාරාංශ කළේය. ඇෆ්ගනිස්ථානයේ ආර්ථික ප්‍රතිසංස්කරණයට සහ ප්‍රායෝගික සහයෝගීතාවයට සහය දැක්වීම සඳහා ඒකාබද්ධ ප්‍රකාශයක් සහ Tunxi මුලපිරීමක් ද මෙම රැස්වීමේදී නිකුත් කෙරිණ.

මෙම "අසල්වැසි සැලැස්ම"ට ශක්තිමත් පදනමක් සහ ක්‍රියාකාරීත්වයක් ඇති අතර එය ඇෆ්ගනිස්ථාන ගැටලුව විසඳීම සඳහා වැදගත් මාර්ගෝපදේශයකි.

ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඉල්ලා සිටියේ "ඇෆ්ගන් ජනතාවට මානුෂීය ආධාර සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම"යි. එය හදිසි අවශ්‍යතාවයකි. එසේම, ඇෆ්ගනිස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සහ සංවර්ධනය සඳහා වන මූලික වගකීම අවංකව ඉටු කරන ලෙස ඇමරිකාව සහ බටහිර රටවලින් ඉල්ලා සිටීම ද මෙහිදී සිදුවිය.එය ගැටලුවේ මූලබීජය  බව ද ඍජුව පෙන්වාදෙනු ලැබිණ.

ඇෆ්ගනිස්ථානයට සහය විමේදී චීනය අදහස් පළකිරීමෙන් නොනැවතී, ඊට අදාළ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ද ගෙන ඇත. යහපත් අසල්වැසියෙකු සහ හවුල්කරුවෙකු ලෙස, චීනය ඇෆ්ගනිස්ථානය ප්‍රතිනිර්මාණය කිරීමේදී පූර්ණ සහයෝගය ලබා දෙන අතර, අසල්වැසි රටවල ඒකාබද්ධ ප්‍රයත්න එකතු කර යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට ද එරට ජනතාවට සහාය වනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම