ලෝක සාමයට සහ සුරක්ෂිතභාවයට විශාලතම තර්ජනය ඇමරිකාවය
2022-03-31 10:07:15
Share with:

පසුගිය 29 වනදා යුක්රේනය හා රුසියාව අතර 5 වන වටයේ සාකච්ඡාව තුර්කියේදී නිමාවට පත්විය.තුර්කි විදේශ අමාත්‍ය Mevlut Cavusoglu මහතා පැවසුවේ මේ වටයේ සාකච්ඡාව මේ දක්වා වැඩිම ජයග්‍රහණ ලබා ගත් සාකච්ඡා වටය බවයි. මාධ්‍ය වාර්තා වලට අනුව, මෙවර සාකච්ඡාව වැදගත් නව ප්‍රතිඵල ලබාගෙන ඇත. යුක්රේනය අඛණ්ඩව මධ්‍යස්ථභාවය අනුගමනය කරන අතර හමුදා සන්ධානයන්ට එක් වීම අතහැර දැමීම ඊට සම්බන්ධ වේ. යුක්රේනය යුරෝපා සංගමයට එක්වීම සම්බන්ධ අභිලාෂයට විරෝධය පළ නොකරමින් දෙරට අතර පවතින ගැටුම් ලිහිල් කිරීමට රුසියාව පියවර ගනු ඇත. දෙරටේ ජනාධිපතිවරුන් හමුවීමේ ඉඩක් ඇති බවද මෙවර සාකච්ඡාවේදී සඳහන් විය.

එහෙත් යුක්රේන අර්බුදයේ ආරම්භකයා වන ඇමරිකාව ඊට අවම ප්‍රතිචාර දැක්වූ අතර අදාළ ප්‍රතිඵල පිළි නොගැනීමට කටයුතු කර ඇත. රුසියා-යුක්රේන සාකච්ඡවේ නව ජයග්‍රහණ ලබා ගත් දිනයේ ඇමරිකානු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් Wally Adeyemo මහතා ප්‍රකාශ කළේ රුසියානු ආර්ථීකය තුළ වැදගත් කර්මාන්ත වලට එරෙහිව ඇමරිකාව හා හවුල්කාරි රටවල් නව සම්බාධක පැනවීමට සූදානම් වන බවයි. යම් ලෙසකින් රුසියාව සහ යුක්රේනය සාම ගිවිසුමකට එළඹුණ ද ඇමරිකාව රුසියාවට අඛණ්ඩව බාධා එල්ල කරනු ඇතැයි යන ඇමරිකා හිටපු සහකාර ලේකම් Paul Craig Roberts ගේ අනාවැකිය ඉන් සනාථ වේ.

රුසියා-යුක්රේන සාකච්ඡා පැවති දිනයේ, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය යන රටවල නායකයින් සමඟ දුරකථන සාකච්ඡාවක් පැවැත්වීය. වඩාත් වැඩි අවි අයුධ සැපයීම ඇතුළු යුක්රේනයට අඛණ්ඩව සහනාධාර ලබාදීමට එහිදී තීරණය කෙරිණ. රුසියා - යුක්රේන සාම සාකච්ඡා විනාශ කිරීම සහ බාධා කිරීමට උත්සාහ කිරීම මගින් ලෝක සාමයට සහ සුරක්ෂිතභාවයට විශාලතම තර්ජනය ඇමරිකාව බව යළි පැහැදිලි වී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම