ඉන්දීය විදේශ ඇමති හා ජනපති අතර හමුවක්
2022-03-29 14:37:05
Share with:

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවෙයි.  හමුව ඊයේ (28) සිදුවිය.

ඉන්දීය විදේශ ඇමතිවරයා දිවයිනට පැමිණියේ, කොළඹදී ආරම්භ වු බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා යි. ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඉන්දීය රජය ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයා එහිදී ඔහුට සිය කෘතඥතාව පළකළේය.

මේ වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් සමරු කාසියක් සහ මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු සැමරුම් උත්සව රැසක් සංවිධාන කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම