ඇෆ්ගන් ජනතාව දුක්ඛිත තත්ත්වයෙන් මුදාගැනීමට චීනයෙන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග
2022-03-29 19:51:29
Share with:

ඇෆ්ගන් ජනතාව ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වයෙන් මුදාගැනීමට චීනය ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

මාර්තු 30 සිට 31 දක්වා, චීන රාජ්‍ය මණ්ඩල සහ විදේශ අමාත්‍ය Wang Yi මහතා ඇෆ්ගනිස්ථානයේ ස්ථාවරත්වය ඒකාබද්ධව ප්‍රවර්ධනය සඳහා "අසල්වැසි සැලැස්ම" සාකච්ඡා කිරීමේ අරමුණින්, ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන්ගේ තුන්වන රැස්වීමේ මුලසුන හොබවනු ඇත. ඇෆ්ගනිස්ථානය Wang Yi මහතාගේ මෑතකාලීන ආසියානු සංචාරයන්හි වැදගත් නැවතුමකි. ඇෆ්ගන් අන්තර්වාර රජය පිහිටුවීමෙන් පසු, චීනයේ ඉහළ පෙළේ නිලධාරියකුගේ පළමු ඇෆ්ගන් සංචාරය ද මෙය වේ. මෙම ක්‍රියාමාර්ග තුළින් පිළිබිඹු වන්නේ, චීනය ඇෆ්ගනිස්ථානයේ සාමකාමී ප්‍රතිසංස්කරණය සඳහා ක්‍රියාකාරීව සිටින බවත්, යුද්ධයෙන් විනාශ වූ එරට හැකි ඉක්මනින් යහපත් වනු ඇතැයි අවංකවම අපේක්ෂා කරන බවත්ය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇමරිකානු හමුදා කඩිමුඩියේ එරටින් ඉවත් කරගැනීමෙන් පසුව, ඇෆ්ගනිස්ථානය වසර 20 ක යුද්ධය අවසන් කළ අතර අවුල් සහගත තත්වයේ සිට පාලනය දක්වා තීරණාත්මක කාල පරිච්ඡේදයක් ආරම්භ කළේය. එක් අතකින්, ඇෆ්ගන් අන්තර්වාර රජය දේශීය පාලනය ගෙන යාමට පටන් ගත් අතර ජාත්‍යන්තර ප්‍රජාව එය පිළිගැනීමට උත්සාහ දැරීය. අනෙක් අතට, "ඉස්ලාමීය රාජ්‍යය" සහ අනෙකුත් සංවිධාන තවමත් ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදී ප්‍රහාර දියත් කරති. එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල සංඛ්‍යාලේඛනවලට අනුව, ඇෆ්ගනිස්ථානුවන්ගෙන් අඩකට වඩා බරපතල ආහාර සුරක්ෂිතතා අර්බුදයකට මුහුණ දී සිටින අතර මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී සිටිති.

ඇෆ්ගනිස්ථානයේ මිත්‍ර අසල්වැසියෙකු සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු ලෙස, චීනය එරට සාමකාමී ප්‍රතිසංස්කරණය සඳහා පවතින ධාරිතාව තුළ මනා කාර්යභාරයක් ඉටු කර ඇත. ඇෆ්ගන් ජනතාවට තමන්ගේ දුක්ඛිත තත්ත්වයෙන් මිදීමට චීනය ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

ඇෆ්ගනිස්ථානයේ ප්‍රකෘතිය අපේක්ෂා කරන සැබෑ මිතුරෙකු වන චීනය, ලෝක සාමය සැමදා පවත්වාගෙන යාමට ධනාත්මක ශක්තියක් වන බව, ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල තුන්වන විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම තුළින් නැවතත්  සනාථ කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම