චීනය සහ ශ්‍රී ලංකාව අතර නව නිදහස් වෙළඳ සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ
2022-03-28 17:02:02
Share with:

චීනය කළ යෝජනාවකට අනුව  ශ්‍රී ලංකා  චීන දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත. මේ අතර, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චීන තානාපතිවරයා පසුගිය 18 දා හමුවිය .

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන යෝජනාව ගැන කළ විමසීමේ දී විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා සඳහන් කළේ එවැනි යෝජනාවක් මේ වන විට ඉදිරිපත් වී ඇති බවය.

මෙරට ව්‍යාපාරික ප්‍රජාව, කර්මාන්තකරුවන් ඇතුළු පාර්ශ්ව සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීනය සමඟ එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව විදේශ ඇමතිවරයා කීවේය.

මේ අතර රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා චීනය, ජපානය සහ මැදපෙරදිග රටවල් සමග සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන්ගෙන් යුත් කමිටු තුනක් පත් කරනු ලැබ ඇති අතර, එහි සභාපතිවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කටයුතු කරයි.

චීනය සමග සාකච්ඡා කිරීමට මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට අමතරව, ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ද, පත් කරනු ලැබ සිටිති.

චීනයෙන් ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා නිෂ්පාදන කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බව එම කමිටුවේ සභාපති මහාචාර්ය පීරිස් මහතා සඳහන් කළේය.

චීනය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය පහසුකමක් ලබා දීමට සලකා බලමින් සිටින අතර නුදුරේදීම ඒ ගැන තීරණයක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong පසුගිය 21 දින ප්‍රකාශ කළේය. ඒ දශක ගණනාවක දරුණුතම ආර්ථික අර්බුදයට මැදිවී සිටින ශ්‍රී ලාංකික ජනතාවට උපකාර කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙසට ය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම