ඇමරිකාව නොතකන යුරෝපයේ අභිලාෂ
2022-03-25 21:01:44
Share with:

නේටෝ සංවිධානයේ ප්‍රධානීන්ගේ සමුළුවට එක්වූ ඇමරිකානු යුරෝපීය නායකයින්ගේ ඡායාරූපයක් ඊයේ(24) එම සංවිධානයේ වෙබ් අඩවියෙන් ප්‍රසිද්ධ කෙරිණ. නේටෝ සංවිධානය පෙර සේම ශක්තිමත් හා සමගි බව එම සමුළුවෙන් අනතුරුව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්  බාහිර ලෝකයට ප්‍රකාශ කළේය.

සැබෑ තත්ත්ය කෙසේ ද?

ඇමරිකාවට නම්, නේටෝ සංවිධානය එරට කණ්ඩායම් දේශපාලනය හා ආධිපත්‍යය තහවුරු කිරීමේ යුද මෙවලමකි. එහෙත් ඇමරිකාව හා යුරෝපය අතර කැපී පෙනෙන මතභේද පවතී. ඇමරිකාව පැවසූ පරිදිම නේටෝ සංවිධානය එරට සමග එක්ව ඉදිරියට ගමන් කිරීම නම් අසීරු කාරණාවක් බව පැහැදිලිය.

යුක්‍රේන අර්බුදය උදාහරණය ලෙස ගතහොත්, ඇමරිකාව හා යුරෝපය යන පාර්ශ්වයන් දෙකම රුසියාව කෙරේ පීඩාකාරී ආකල්පයක සිටින නමුත්, දෙපාර්ශ්වයන් අතර විශාල ප්‍රතිලාභ පරතරයක් පවතී. රුසියාවේ බලශක්තිය මත දැඩි ලෙස යැපීම, යුරෝපයට කෙටි කාලයකින් මග හැරිය නොහැකි බාධාවකි.

යුරෝපයට නම්, සිය බලශක්ති ආරක්ෂාව සහතික කළ හැකි වෙන්නේ යුක්‍රේන අර්බුදය සාමකාමීව විසඳීම පෙළඹවීම කඩිනම් කිරීමෙන් පමණි. මෙය ඇමරිකාවට ද  විනිවිද පෙනෙන දෙයක් වුවද යුරෝපයේ කණස්සල්ල තැකීමට ලක් නොකර  සිටින බවක් පෙනේ. 

මෙවර නේටෝ සංවිධානයේ ප්‍රධානීන්ගේ සමුළුවේදී එකඟතා කිහිපයකට එළඹිණ. යුක්‍රේනයට අඛණ්ඩව යුද ආධාර ලබාදීම, Baltic මුහුදු ප්‍රදේශය, නැගෙනහිර යුරෝපය හා Balkan අර්ධද්වීපය යන ස්ථානවල යුද පැවැත්ම ශක්තිමත් කිරීම ඇතුළු එවන් එකඟතාවලින් සිදු වන්නේ රුසියා යුක්‍රේන අර්බුදය තව තවත් උත්සන්න වී දිගු කාලයකට එය ඇදීයාම පමණි.

ඇමරිකාවට මේ ලෝකය මෙහෙයවිය නොහැකිය. යුරෝපය, යුරෝපියානුවන්ගේ ය . යුක්‍රේන අර්බුදයට මූලික හේතුව කුමක් දැයි යන්නත් සීතල යුද්ධය ලෝකයට ගෙන දුන්නේ කුමක් දැයි යන්නත් රුසියානු යුක්‍රේන අර්බුදය මතු වී මාසයක් ගත වී තිබියදී එන්න එන්නම බහුතරයේ  ප්‍රශ්න වී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම