උණුසුම් හැඟුමෙන් ඉදිරියට යන චීන අප්‍රිකා මිතුදම
2022-03-25 18:35:34
Share with:

ගතවූ වසර 9 ක කාලය තුළ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංවර්ධන සැලසුම සකස් කරමින් සත්‍යය හා අවංකභාවය  යන චින්තනය මත චීන - අප්‍රිකා මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින් නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන - අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීමට ක්‍රියා කළා. 

2013 වසරේ මාර්තු මස චීන ජනාධිපති ධුරයට තේරී පත්වී නොබෝ කාලයකින් පසු ෂී ජින් පිං මහතා අප්‍රිකාවේ සංචාරයක නිරත වුණා.එම සංචාරය අතරතුර, "සැමවිටම විශ්වාසවන්ත මිතුරෙකු සහ අවංක හවුල්කරුවෙකු වීම" යන මැයෙන් හෙතෙම දේශනයක් සිදු කර තිබෙනවා. සත්‍යය හා අවංකභාවය පිළිබඳ චින්තනය මගින් නව යුගයේ චීනය අප්‍රිකාව කෙරෙහි ක්‍රියාත්මක ප්‍රතිපත්ති මනා ලෙස පිළිබිඹු වෙනවා.එම චින්තනයෙන් විස්තර කෙරෙන කරුණු මෙලෙසයි. අප්‍රිකානු මිත්‍රයන්ට හදවතින් සැලකිය යුතුයි. අප්‍රිකාව සමඟ සහයෝගිතා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුයි. චීන-අප්‍රිකා මිත්‍රත්වය තහවුරු කිරීමේ දී ළෙන්ගතු විය යුතුයි. සහයෝගිතාවන් තුළ මතුවන ප්‍රශ්න විසඳා ගැනීමේදී අවංකව කටයුතු කළ යුතු බව එහිදී අවධාරණය කෙරුණා.

අප්‍රිකාව සමඟ ආයෝජන සහයෝගිතා අඛණ්ඩව ව්‍යාප්ත කරමින් කෘෂිකාර්මික හා නිෂ්පාදන යන ක්ෂේත්‍ර වල අන්‍යෝන්‍ය ලෙස ජයග්‍රහණ ලබා ගත හැකි සහයෝගිතා තහවුරු කළ යුතු  බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළා. අප්‍රිකානු රටවල ස්වයං තිරසර සංවර්ධනය ඉටු කර ගැනීම සඳහා අප්‍රිකානු රටවල පවතින සම්පත් සංවර්ධන වාසි බවට පත්කර ගැනීමට  චීනය සහාය ලබා දෙන බව හෙතෙම පැවසුවා. චීන ආර්ථීක හා ජාතික සංයුක්ති ශක්තිය අඛණ්ඩව ඉහළ නැංවීමත් සමඟ අප්‍රිකා සංවර්ධනයට කිසිඳු දෙශ්පාලන කොන්දේසිවලින් තොරව චීනය හැකි උපරිමයෙන් සහාය ලබා දෙනු ඇතැයි ද ෂී ජින්පිං මහතා අවධාරණය කළා.

2015 වසරේ චීනය හා දකුණු අප්‍රිකාව එක්ව සංවිධාන කළ චීන අප්‍රිකා Johannesburg සහයෝගිතා නායක සමුළුවේදී නව ආකාරයේ චීන-අප්‍රිකා උපාය මාර්ගික හවුල්කාරි සබඳතාව, සම්පූර්ණ උපාය මාර්ගික හවුල්කාරි සහයෝගිතාව ලෙසට ඉහළ නැංවීමට ෂී ජින් පිං මහතා යෝජනා කළා.

ඒ සඳහා කර්මාන්තකරණය, කෘෂිකර්මන්ත නවීකරණය, යටිතල පහසුකම්, මුල්‍ය, හරිත සංවර්ධනය යන සහයෝගිතා සැලසුම් 10ක් ක්‍රියාත්මක කරන බව හෙතෙම ප්‍රකාශ කළා.අප්‍රිකාවේ පවතින යටිතල පහසුකම් දියුණු නොවීම, නිපුණතාවන් හිඟ වීම , මුදල්        හිඟය යන සංවර්ධන බාධාවන් තුනක් විසඳා ගැනීම සඳහා අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණුයි.

2018 සැප්තැම්බර් මස බෙයිජිං නගරයේ පැවති චීන අප්‍රිකා සහයෝගීතා නායක සමුළුවේදී  ෂී ජින්පින් මහතා සහ අප්‍රිකානු රටවල් 53 ක නායකයින් හමුවී උපාය මාර්ගික පොදු එකඟතාවන්ට එළඹුණා.පොදු ජයග්‍රාහී සහයෝගීතාව, පොදු සංස්කෘතික සමෘද්ධිය, පොදු ආරක්‍ෂාව ගොඩනැගීම සහ සුසංගතභාවයෙන් යුතු සංවර්ධනය පිළිබඳ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් චීනය සහ අප්‍රිකාව ගොඩනගන බවට එහිදී තීරණය කෙරුණා. 

2021වසරේ නොවැම්බර් මස 29 වනදා චීන-අප්‍රිකා සහයෝගීතා සාකච්ඡා මණ්ඩපයේ 8 වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට ෂී ජින්පින් මහතා වීඩියෝ ආකාරයේ එක්වූ අතර එහිදී හෙතෙම  ප්‍රධාන දේශනයක් සිදු කළා. නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාව ගොඩනැගීම පිළිබඳව චීනය දරන ස්ථාවරය හෙතෙම ඉදිරිපත් කළා. එකමුතුව වසංගතයට එරෙහිව සටන් කිරීම, ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කිරීම, හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ සාධාරණත්වය සහතික කිරීම එහිදී අවධාරණය කර තිබෙනවා.

 

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම