රුසියා යුක්රේන ගැටුම අවුළුවන ඇමරිකාව
2022-03-24 21:35:39
Share with:

අද (24) වන විට රුසියා- යුක්රේන  ගැටුමට මාසයක් ගතවී ඇත.ඇමරිකානු දේශපාලන විද්‍යාඥ John Joseph Mearsheimer මහතා, දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා ඇතුළු පුද්ගලයන්  විශ්වාස කරන්නේ රුසියා-යුක්රේන ගැටුමේ මූලික හේතුව වන්නේ වසර ගණනාවක් පුරා නේටෝ සංවිධානය  නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමය.බටහිර රටවල් විශේෂයෙන්ම ඇමරිකාව, එම ගැටුමේ ප්‍රධාන වගකීම භාර ගත යුතු ය.

දිනෙන් දින නැඟී එන විවේචනවලට මුහුණ දෙන,එම ගැටුමේ නිර්මාණකරු ලෙස ඇමරිකාව අදාළ චෝදනා නොඇසුනා මෙන් සිටී.ඒ වෙනුවට රුසියාව සහ යුක්රේනය නොකඩවාම සටන් කරනු ඇතැයි බලාපොරොත්තු වන ඇමරිකාව ගින්නට ඉන්ධන එකතු කළේය.

සීතල යුද සංකල්පය මත , නේටෝ සංවිධානය නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමට ඇමරිකාව ව්සින් පස් වතාවක් දිරිමත් කරන ලදි. නැගෙනහිර යුරෝපා රටවල් විශාල සංඛ්‍යාවක් එම සංවිධානයට එකතු වී, රුසියාවේ උපායමාර්ගික  අවකාශය ඛාදනය කර රුසියාවේ ස්වාධිපත්‍යය සහ ආරක්ෂාව අයුතු ලෙස උල්ලංඝනය කර ඇත.මේ සම්බන්ධයෙන් රුසියාව තම ආරක්ෂාව පිළිබඳ ඉහළ සැලකිල්ල පැහැදිලිව ප්‍රකාශ කර යුක්රේනය නේටෝ සංවිධානයට ඇතුළු වීමට දැඩි විරෝධය පළ කර ඇත.කෙසේ වෙතත්, රුසියානු-යුක්රේන ගැටුම මතු වීමට පෙර ඇමරිකා-රුසියානු සාකච්ඡා වලදී, නේටෝ සංවිධානය නැඟෙනහිර දෙසට ව්‍යාපත් කිරීම නැවැත්වීමට නොහැකි බව ඇමරිකාව ස්ථීර ව ප්‍රකාශ කළේය. රුසියා- යුක්රේන යුද්ධය මතු වීමෙන් පසු ඇමරිකාව රුසියාවට එරෙහිව සම්බාධක සහ යුක්රේනයට යුධ ආධාර ක්‍රියාත්මක කර ඇත. 

රුසියාව මර්දනය කිරීම, යුරෝපය පාලනය කිරීම, අවි නිෂ්පාදන කණ්ඩායම පෝෂණය කිරීම සහ ආධිපත්‍යය තහවුරු කිරීම, රුසියාව සහ යුක්රේනය අතර අඛණ්ඩව යුද ගැටුම් පැවතීම පෙළඹවීමට තැත් කරමින් සිටින ඇමරිකාවේ සැබෑ අරමුණුය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම