මානව හිමිකම් කඩ කරන ඇමරිකාව මානව හිමිකම් හේතු කරගෙන චීනයට එරෙහිව ක්‍රියා කිරීමට උත්සාහ කිරීම ප්‍රශ්ණ සහගතය
2022-03-24 14:51:22
Share with:

 

       මානව හිමිකම් හේතු කරගෙන චීනය තුළ හා ඉන් පිටත සහ ඇමරිකාවේ සිටින ඇතැම් චීන නිලධාරීන්ට වීසා සීමා පැනවීමට කටයුතු කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken පසුගිය 21වැනි දා ප්‍රකාශ කර තිබේ. ඊට පෙර දිනය ඉරාක යුද්ධයේ 19වැනි සංවත්සරය යෙදී තිබිණ. සිවිල්වැසියන් 2 ලක්ෂයක ජීවිත අහිමි කළ එම යුද්ධය වර්තාමනායේ දී ද ඇමරිකාවට කිසිදු අයුරකින් සාධාරණීකරණය කළ නොහැකි ය.

       ඉරාකයේ සිට ඇෆ්ගනිස්ථානය, සිරියාව හා යුක්රේනය දක්වා ඇමරිකාව ඇති කළ යුද්ධවලින් පීඩා විඳින පුද්ගලයන් සංඛ්‍යාව ගණන් කළ ‍නොහැකි තරම් ය. ලොව විශාලතම මානව හිමිකම් උල්ලංඝනය කරන්නා වෙනත් කිසිදු රටක් නොව ඇමරිකාව ය. ඇමරිකාවේ දේශීය මානව හිමිකම් පවතින්නේ ද ඉතා බරපතල තත්ත්වයක ය. අද වන විටත් ඇමරිකාවේ පද්ධතිමය වර්ගවාදය පවතී. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් කඩ කරන ඇමරිකාව මානව හිමිකම් හේතු කරගෙන චීනයට එරෙහිව යම් යම් ගැටුම් ඇති කිරීම කණගාටුවට කරුණකි.

       මෑතදී චීන-ඇමරිකානු රාජ්‍ය නායකයන් වීඩියෝ සංවාදයක නිරතවිය.ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ එම ප්‍රකාශය එම සංවාදයේ දී දෙපාර්ශ්වය එළඹි එකඟතාවන්ට පටහැනි වීමක් දැයි අපට නිතැතින් නැගුණු ප්‍රශ්නයකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම