ජනතාව කේන්ද්‍ර කරගත්, ජීවිත ප්‍රමුඛස්ථානයේ තබන ශුන්‍ය COVID- 19 ප්‍රතිපත්තිය
2022-03-24 16:17:12
Share with:

ශුන්‍ය COVID- 19 ප්‍රතිපත්තිය, වත්මන් නව කොරොනා වසංගත තත්ත්වයට මුහුණ දෙන චීනය වසංගත වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන ප්‍රධාන ප්‍රතිපත්තියක් බව පසුගිය දා චීන ජාතික සෞඛ්‍ය කමිටුවේ COVID-19 වසංගත කාර්ය සාධක බලකායේ ප්‍රධානි Liang Wannian මහතා ප්‍රකාශ කළේය.එම ප්‍රතිපත්තියට අනුව, නව ආසාදිතයන් වාර්තා වීමෙන් පසු සංයුක්ති පියවර යොදා ගෙන හැකි ඉක්මණින් එය මර්දනය කර වෛරසය විශාල වශයෙන් ව්‍යාප්ත වීම වැළැක් විය යුතු ය. එම ප්‍රතිපත්තිය චීනය සාර්ථක කරගත් වසංගත මර්දන අත්දැකීමක් වන අතර වර්තමානයේදී වසංගත පාලනයට වඩාත් සුදුසුම ක්‍රමය ‍ලෙසට ද පිළිගත හැකිය. 

ශුන්‍ය COVID- 19 ප්‍රතිපත්තිය ඉටු කිරීම සඳහා, කඩිනමින්, වේගවත්ව හා නිවැරදිව අදාළ පියවර ක්‍රියාත්මක කළ යුතු බව Liang Wannian මහතා විස්තර කළේය.ඔහු පැවසුවේ නව ආසාදිතයන් වාර්තා වීමෙන් පසු පැය 24 තුළ, "වේගවත්" සහ "නිවැරදි" ලෙස ආසාදිතයන් හා වෛරස් ආසාදිත ඉහළ අවදානම් සහිත පිරිස හඳුනා ගත යුතු බවයි.පළමුව,ආසාදිතයෙක් හමුවීමේදී වසංගත පාලන විශේෂඥයන් හා සෞඛ්‍ය සේවා මණ්ඩලය PCR පරීක්ෂණ මගින් නිවැරදිව වසංගත මූලාරම්භය සොයා ගත යුතු ය.දෙවන්න, වසංගත රෝග පිළිබඳ සමීක්ෂණ හා විශාල දත්ත යන තාක්ෂණ මගින් ආසාදිතයන් හා ඔවුන්ගේ සමීපතමයන් නිවැරදිව හඳුනා ගත යුතු ය. තුන්වැන්න, වසංගතය හඳුනාගැනීමේ කාලසීමාව සහ ආසාදිත පිරිසේ තත්ත්වයට අනුව විවිධ මට්ටම්වල අගුළු දැමීම් සහ පාලන ප්‍රදේශ නිවැරදිව නිර්වචනය කළ යුතු ය.එය එක් ගොඩනැගිල්ලක් හෝ එක් ජන ප්‍රජාවක් විය හැකිය.අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් දින 14 ක් නිවෙස් නිරෝධායනයට යොමු කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

දැනට චීනයට මිලියන 10 ක ජනගහනයක් සහිත විශාල නගරවල පැය 24ක් තුළ PCR පරීක්ෂණ සම්පූර්ණ කිරීමේ හැකියාව පවතී.එය වසංගත පාලනය සඳහා ඉතා ඵලදායික තාක්ෂණ අනුබලයකි. එමෙන්ම ජන ප්‍රජාවේ ස්වේච්ඡා සේවා,මෙන්ම භාණ්ඩ සීඝ්‍රගාමී බෙදාහැරීමේ සේවා මගින් හුදකලා කර ඇති අයට සහය දිය හැකිය.

ශුන්‍ය COVID- 19 ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ මූලික හේතුව චීන රජය ජනතාව කේන්ද්‍ර කරගනිමින් ජීවිත ප්‍රමුඛස්ථානයේ තැබීමේ  චින්තනය අනුගමනය කිරීමය.‍

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම