පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙසට ජනාධිපතිවරයා ඇමරිකාවෙන් ඉල්ලීමක් කරයි
2022-03-24 16:26:43
Share with:

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙයි. ඊයේ(23) ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම හමුවේදී සර්වපාක්ෂික සමුළුවේදී ඉදිරිපත්වූ කරුණු සහ එහි ප්‍රගතිය පිළිබඳව මෙන්ම දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ද ජනාධිපතිතුමා නුලන්ඩ් මහත්මිය දැනුවත් කර තිබේ.

දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බව සඳහන් කළ රාජපක්ෂ මහතා උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඔවුන්ට ඇරයුම් කරන බවද සඳහන් කළේය. රටේ ආර්ථික අර්බුදය මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ගත් තීරණය සම්බන්ධයෙන් ද එහිදී ජනාධිපතිවරයා කරුණු දක්වා තිබේ. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙසට ජනාධිපතිවරයා වික්ටෝරියා නුලන්ඩ් මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇත.

 

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම