අන් රටවල් ගිනිවද්දා ජයපැන් බොන අවස්ථාවාදී ඇමරිකාව
2022-03-23 11:11:46
Share with:

ඇමරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය, මිලිටරි කාර්මික ව්‍යවසායන් සහ පාර්ලිමේන්තු මන්දිරය,  රුසියානු-යුක්රේන ගැටුම් උත්සන්න වීම ෂැම්පේන් විවෘත කොට සමරන බව එරට ජාතිකාරක්ෂක නිලධාරියෙකු වන Franklin C. Spinney මහතා පවසයි. රුසියාව සහ යුක්රේනය අතර ගැටුමේ විශාලතම ප්‍රතිලාභියා ඇමරිකාව බව මෙම ක්‍රියාවෙන් මනාව ප්‍රකට වී තිබේ.   

Spinney මහතා විශ්ලේෂණය කරන පරිදි, රුසියානු-යුක්රේන ගැටුම දේශපාලන උපාමාරුවල ප්‍රතිඵලයකි. යුක්රේන අර්බුදයේ ආරම්භකයා වන ඇමරිකාව, තමන්ගේම මිලිටරි-කාර්මික සංකීර්ණය සඳහා විශාල මුදලක් උපයා ගත්තා පමණක් නොව, තීව්‍ර වන සම්බාධක මගින් රුසියාව මර්දනය කළ අතරම, යුරෝපයේ මූලෝපායික ස්වාධීනත්වයට බාධා කර ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කර තිබේ.

ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට, ඇමරිකාව නේටෝ සංවිධානය නැඟෙනහිර දෙසට ව්‍යාප්තිය ප්‍රවර්ධනය නොකළේ නම්, යුක්රේනයට අවි ආයුධ යවමින් සහ රුසියාවේ උපායමාර්ගික ජීවන අවකාශය නිරන්තරයෙන් ඛාදනය නොකළේ නම්, යුක්රේනයේ තත්වය අද දක්වා වර්ධනය වූයේ කෙසේද? රුසියාව මිලිටරි ප්‍රතිවිරෝධතා අරඹනු ඇත්ද? එහෙත් අර්බුදයේ නිර්මාණකරුවා පවසන්නේ, රුසියාවේ මිලිටරි ක්‍රියාමාර්ග සඳහා චීනය "සහය දෙන" බවයි. එය සත්‍යය සම්පූර්ණයෙන්ම විකෘති කර කටකතා පැතිරවිමකි. ජනතාවගේ කඳුළු මතින් ෂැම්පේන් විවෘත කරන අවස්ථාවාදී "වංචනික අධිරාජ්‍යය" යුක්රේන අර්බුදයේ චූදිතයාය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම