පාසල් 542 ක් මේ වසරේ දී ජාතික පාසල් බවට පත්කිරීමට පියවර
2022-03-23 18:32:51
Share with:

සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි තෝරා ගත් පාසල් 542 ක් මේ වසරේ දී ජාතික පාසල් බවට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියයි.එකම ජාතික පාසලක් හෝ නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125 ක් හඳුනාගෙන ඇති අතර, එම කොට්ඨාස ද ඇතුලත් වන පරිදි එම පාසල් ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ අරමුණයි.

මේ වසරේ මුල් මාස තුන තුළ පාසල් 23 ක් ජාතික පාසල් බවට පත් කෙරිණ. ඒ අනුව මෙතෙක් 373 ක්ව පැවති ජාතික පාසල් සංඛ්‍යාව මේ වනවිට 396 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලේකම්වරයා පැවසුවේ කොළඹ ඊයේ(22) පැවති මාධ්‍ය හමුවකදීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම