ඇමරිකාව යුක්රේන ජනතාව කෙරෙහි සැබෑ සැලකිල්ලක් දක්වන්නේ නම්, ඔවුන් සැපයිය යුත්තේ ආයුධ නොව සාමයයි
2022-03-22 09:44:47
Share with:

චීනය රුසියාවට යුදමය ආධාර සපයන බවට පළවන ප්‍රකාශ අසත්‍ය බවත්, චීනය එයට විරුද්ධ වන බවත් ඇමරිකාවේ චීන තානාපති Qin Gang මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ, පසුගිය 20වැනිදා ඇමරිකානු CBS ගුවන්විදුලි සමාගම සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඇමරිකාව සහ බටහිර රටවල් යුක්රේන ප්‍රශ්නය ප්‍රයෝජනයට ගෙන චීනයට එරෙහිව කටකතා පතුරුවා හැරීම චීන තානාපතිවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය.

යුක්රේන අර්බුදයේදී චීනය සෑමවිටම සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටී. මේ වන විට චීනය යුක්රේනයට ආහාර හා ඖෂධ ඇතුළු මානුෂීය ආධාර තොග කිහිපයක් ලබා දී ඇති අතර, කිසිදු පාර්ශ්වයකට ආයුධ සහ පතොරම් ලබාදීමට ක්‍රියාකළේ නැත.

අනෙක් අතට, රුසියානු-යුක්රේන යුදමය ගැටුමෙන් පසුව, ඇමරිකාව රුසියාවට එරෙහිව පුළුල් සම්බාධක දියත් කිරීම සඳහා බටහිර රටවල් අඛණ්ඩව එක්රැස් කරන අතර, යුක්රේනයට විශාල වශයෙන් යුදමය ආධාර ද ලබාදුන්නේය. මාර්තු 16 වන දින ඇමරිකානු ජනාධිපතිවරයා විසින් අත්සන් කරන ලද සංදේශයකට අනුව, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව යුක්රේනයට ආක්‍රමණශීලී ආයුධ විශාල ප්‍රමාණයක් ඇතුළුව ඩොලර් මිලියන 800ක් වටිනා ආයුධ ආධාරයක් ද ලබාදෙනු ඇත.

එක් පාර්ශ්වයක් සාම සාකච්ඡා ප්‍රවර්ධනය කොට මානුෂීය ආධාර සපයමින් සිටින අතර, අනෙක් පාර්ශ්වය නිරන්තරයෙන් යුදමය ආධාර ලබා දී ඒකපාර්ශ්වික සම්බාධක තීව්‍ර කරමින් සිටී. චීනය සහ ඇමරිකාව අතරින් ගැටුම් නිර්මාණය කරන්නේ කවරෙක් ද, සාමය පවත්වාගෙන යන්නේ කවරෙක් ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව නිවැරදි මතය දරනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම