චීන තානාපති සහ විදේශ ඇමති අතර හමුවක්
2022-03-20 17:59:51
Share with:

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හන්ග් මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා හමුවෙයි. එම හමුව පැවැත්වුණේ ඉකුත් 18 වැනිදායි.

පසුගියදා නිමාවට පත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පැවති අන්‍යොන්‍ය අවබෝධය සහ සහයෝගය පිළිබඳව එම දෙපළ ඉතා ඉහළින් ඇගැයීමට ලක්කළ බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනම් කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවැති කැබිනට් අනුකාරක සභාවේදී සාකච්ඡා කළ බව ද එහිදී ඇමතිවරයා තානාපතිවරයාට දන්වා තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම