ද්විපාර්ශ්වික සම්බන්ධතා නිවැරදි දිශාවකට රැගෙන යා යුතු බව චීන ජනපති ඇමරිකානු ජනපතිට කියයි
2022-03-19 19:14:46
Share with:

               

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (18) රාත්‍රී ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා සමග වීඩියෝ සංවාදයක් පැවැත්වීය.  “ චීනය හා ඇමරිකාව ද්විපාර්ශ්වික සම්බන්ධතා නිවැරදි දිශාවකට ගෙන යා යුතුයි. එපමණක් නොව ලෝක සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනය හා ඇමරිකාව සිය ජාත්‍යන්තර වගකීම් දැරිය යුතුයි “  යනුවෙන් ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය. පසුගිය නොවැම්බර් මාසයේ එම නායක දෙපළ මාර්ගගත සාකච්ඡාවක් පවත්වා තිබිණ. එම සාකච්ඡාවෙන් පසු, ජාත්‍යන්තර තත්ත්වය විශාල වශයෙන් වෙනස් වී ඇත. යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාව චීනයට එරෙහිව බොහෝ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරමින් චීන-ඇමරිකානු සබඳතා හා ලෝක සාමය තවත් අස්ථාවර කර තිබේ.

                  මෙවර සංවාදය පැවැත්වුණේ එවන් පසුබිමක් යටතේ ය. මෙවර සංවාදයේදී ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, චීනය සමග ගැටුම් ඇති කර ගැනීමට ඇමරිකාවට උවමනා නොවන බවයි. චීනය සමග සීතල යුද්ධයකට එළඹීම, චීනයේ ක්‍රමය වෙනස් කිරීම, සන්ධානගත කිරීමෙන් චීනයට විරුද්ධ වීම සහ තායිවාන බෙදුම්වාදීන්ට අනුබල දීම ඇමරිකාව සිදු නොකරන බව Joe Biden මහතා අවධාරණය කර තිබේ. මෙම ක්‍රියාකලාපය චීනය ඉතා වැදගත් කොට සලකන බව චීන ජනාධිපතිවරයා පවසයි. ද්විපාර්ශ්වික සබඳතාව ගැටළු මතු වී ඇත්තේ ඇමරිකානු පාර්ශ්වය චීන-ඇමරිකානු නායකයන් එළඹි එකඟතාවන්ට අනුකූලව කටයුතු කර නොතිබීම හේතුවෙන් යැයි හෙතෙම පෙන්වාදෙයි.

                 “ජාත්‍යන්තර වගකීම්”, මෙවර සංවාදයේ චීන ජනාධිපතිවරයා අවධාරණය කළ තවත් ප්‍රධාන කරුණකි. යුක්රේන අර්බුදය පිළිබඳව හෙතෙම චීනයේ ස්ථාවරය පැහැදිලි කළේ ය. සාම සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීම සහ සිවිල්වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් මානුෂීය අර්බුදය වැළැක්වීම, යුක්රේන අර්බුදය  සමනය කිරීම සඳහා ගත හැකි කඩිනම් පියවර බව චීන ජනාධිපතිවරයා පවසයි.

                ස්ථාවර චීන-ඇමරිකානු සම්බන්ධතාව දෙපාර්ශ්වයට පමණක් නොව සමස්ත ලෝකයටතම වැදගත් ය. මෙවර රාජ්‍යනායක සංවාදයෙන් පසු චීන-ඇමරිකානු සබඳතා‍වට නව ප්‍රගතියක් අත්පත් වනු දැකීම දෙරට ජනතා ප්‍රාර්ථනයයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම