ගෑස් සහ ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව
2022-03-18 19:16:17
Share with:

කොළඹ වරායට පැමිණ ඇති නැව් දෙකක ඇති ඩීසල් තොග ගොඩබෑම අද ආරම්භ කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියයි. ඉන්ධන බෙදාහැරීමේ ගැටළු නිරාකරණයට පියවර ගෙන ඇතැයි ද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  ඊයේ(17)  වනවිට කොළඹ පිහිටි සෑම ඉන්ධන පිරවුම්හලකටම පෙට්‍රල් හා ඩීසල් බවුසර් යවා තිබේ. 

මේ අතර, ලිට්‍රෝ ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ, ගෑස් සිලින්ඩර් එක්ලක්ෂ දසදහසක් බෙදාහැරීම අද(18) ආරම්භ කරන බවයි. වරායට පැමිණ ඇති ගෑස් තොග ගොඩබෑම ඊයේ ආරම්භ කෙරිණ. ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් ඉකුත් 9 වැනිදා ගොඩබානු ලැබීය. ගෑස් සැපයීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම