දේශපාලන මතභේද හා ගැටුම් හේතුවෙන් සුරක්ෂිත ජීවිතයක අයිතිය ජනතාවට අහිමි කරන ඇමරිකාව
2022-03-18 21:19:34
Share with:

 මෑතදී ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩලය දැවැන්ත ෆෙඩරල් අයවැය කෙටුම්පතක් සම්මත කර තිබේ. යුක්රේනය සඳහා හදිසි ආධාර වශයෙන් ඩොලර් බිලියන 13.6ක මුදලක් එම අයවැය කෙටුම්පතේ ඇතුළත් වේ. කොවිඩ් පාලන අරමුදල බෙදාගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකානු දේශපාලන පක්ෂ දෙක අතර මතභේද ඇති වූ බැවින් කොවිඩ් වසංගත පාලනය සඳහා වන ඇමරිකානු ඩොලර් බිලියන 15.6ක ගාස්තුවක් එම කෙටුම්පතෙන් ඉවත් කිරීමට මහජන මන්ත්‍රී මණ්ඩලය කටයුතු කර ඇත.

             ඇමරිකානු ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, දැනට ඇමරිකාවේ කොවිඩ් ආසාදන සංඛ්‍යාව මිලියන 80 කට ආසන්න වන අතර මියගිය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයකට ආසන්න වේ. ලොව ආසර්ථකම කොවිඩ් පාලන රට වශයෙන් ඇමරිකාව, ඇමරිකානු ඩොලර් බිලියන 15.6ක වසංගත පාලන අරමුදල් මකා දැමීම මගින්  පෙන්නුම් කෙරෙන්නේ ඉතා පැහැදිලි කරුණකි. එනම්, දේශපාලන පක්ෂ අතර පවතින මතභේද හා ගැටුම් , සාමාන්‍ය ජනතාව වඩාත් අවදානම් සහගත, භයානක තත්වයකට ඇද දමා ඇති බවයි.

              බරපතල කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇමරිකානු ජනතාවට ආරක්ෂිත හා සතුටුදායක ජීවිතයක් ගතකිරීමේ අයිතිය අහිමි වී තිබේ. උද්ධමනය දිනෙන් දින ඉහළ යමින් පවතී. ධනවතුන් හා දුප්පතුන් අතර පරතරය තව තවත් උග්‍රවෙමින් තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සහභාගි වූ රටවල නියෝජිතයන් අමෙරිකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය සහ ළමා අයිතීන් උල්ලංඝනය වැනි මානව හිමිකම් තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇත. ජිනීවා හි එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂූ තානාපතිවරයා පෙන්වා දුන්නේ, සතුටින් ජීවත්වීම ඉහළම මානව හිමිකම බවයි. ඇමරිකානු දේශපාලනඥයන්ට තමන්ගේම ක්‍රියා දෙස විමසුම් ඇසින් බැලීමට කාලය එළඹ තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම