ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක්...
2022-03-18 19:17:19
Share with:

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට ඊයේ (17) අත්සන් තැබිණ.

ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය මුදල් අමාත්‍යාංශයේදී ය.

මෙම කෙටිකාලීන ණය ඉන්දීය රාජ්‍ය බැංකුව මගින් පිරිනැමෙන්නේ ඉකුත් වසරේ දෙරට අතර ඇති කර ගැනුණු ගිවිසුම තවදුරටත් දීර්ඝ කරමිනි.

ආහාර, ඖෂධ සහ සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා, මෙම ණය මුදල හිමිවෙයි.  ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල සහ ඉන්දීය රාජ්‍ය බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශ්‍රී පුෂ්කර් ජා යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ. ඊට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය මුදල් හා විදේශ කටයුතු අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් ද පැවැත්විණ.රටේ පවතින වත්මන් ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් දෙරට අතර කෙටි, මධ්‍ය හා දිගුකාලීන ආර්ථික සහයෝගිතා රාමුවක් සැකසීමට ද එම සාකච්ඡාවේදී එකඟතාව පළවිය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම