සරණාගතයන් පිළිබඳ බටහිර ද්විත්ව ප්‍රමිතිය ඛේදවාචකයක්!
2022-03-17 14:18:52
Share with:

2022 මාර්තු මස 15 වනදා සිරියානු අර්බුදය ආරම්භ වී වසර 11ක් සපිරේ. එම අර්බුදයෙන් මේ දක්වා තුන්ලක්ෂ පනස් දහසක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර එක්කෝටි විසි ලක්ෂයක පමණ පිරිසක් අවතැන්ව සිටිති. එක්කෝටි හතලිස් ලක්ෂයක පමණ පිරිසකට හදිසි මානුෂවාදී සහනාධාර අවශ්‍ය වන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය මෑතකදී නිකුත් කළ සංඛ්‍යාලේඛනවල දැක්වේ. සිරියානු ජනතාවගේ වසර 11ක පීඩාකාරී ජීවිතය අවසන් කිරීමට දේශපාලන විසඳුම් ක්‍රියාදාමය කඩිනම් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ආයාචනය කළද එම හඬ බටහිර ලෝකය විසින් මග හරිනු ලැබීය.

එහෙත්, වර්තමානයේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල අවධානය, යුක්‍රේනය වෙත යොමු වී තිබේ. සිරියාව ඇතුළු රටවල සරණාගතයින් තම රටට ප්‍රවේශ වීම වැළැක්වීමට හැකි සෑම ලෙසකින්ම වෑයම් දැරූ ඔවුහූ, යුක්‍රේන සරණාගතයින්ට උපරිම සානුකම්පාවක් දක්වමින් සිටිති.

‘යුක්‍රේන සරණාගතයින්, අප කළින් දුටු සරණාගතයින් හා වෙනස්. ඔවුන් යුරෝපියානුවන්. දක්ෂයි. උගත්කමක් ඇති අය.’ යැයි යුරෝපීය නායකයෙක් මෑතකදී ප්‍රකාශ කර ඇත.

එවන් ප්‍රකාශ තුළින්, ඇමරිකාව ඇතුළු බටහිර රටවල ගැඹුරු අගතිය හා ඔවුන් දරන ‘යුරෝපා-ඇමරිකා‍ කේන්ද්‍රීය චින්තනය’ අනාවරණය විය. සරණාගතයින්ගේ ප්‍රශ්නයට අදාළව ඔවුන් ද්විත්ව මානුෂවාදී ප්‍රමිතියකට කටයුතු කළ බව පැහැදිලිය. එම ආකල්පය, මැදපෙරදිග ප්‍රදේශවල සරණාගතයින්ට යළි හානියකි.

 යුරෝපයේ ඇතැම් දේශපාලනඥයින් යුක්‍රේන ජාතිකයින් ‘යුද්ධයෙන් දිවි බේරා ගැනීමට පලා ගිය අහිංසක ජනතාව’ ලෙස හඳුන්වමින්, සිරියානු සරණාගතයින් ‘නීති විරෝධීව විදේශ රටවලට ප්‍රවේශ වීමට උත්සාහ දරන පිරිසක්’ ලෙසට හඳුන්වනු ලැබීම, කණගාටුදායක කාරණාවකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම