කෙටිකාලීන මූල්‍ය අභියෝග පවතිද්දීත් චීනයේ සංවර්ධන ක්‍රියාවලිය දැඩි අධිෂ්ඨානයෙන් ඉදිරියට
2022-03-17 20:39:59
Share with:

              

මූල්‍ය කටයුතු ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක අංගයකි. ගෙවී ගිය මාස කිහිපයේ චීනයේ මූල්‍ය වෙළඳපොළ කිසියම් පීඩනයකට ලක්ව ඇත. අවිනිශ්චිත බාහිර මූල්‍ය පරිසරය, ඉල්ලුම සංකෝචනය, සැපයුම් මන්දගාමීත්වය සහ වෙ‍ළඳපොළ අපේක්ෂා පහත වැටීම ඊට හේතු වී තිබේ. චීන රාජ්‍ය මණ්ඩලයේ මූල්‍ය ස්ථාවර සංවර්ධන කමිටුව ඊයේ (16) මූල්‍ය රැස්වීමක් පැවැත්වීය. සාර්ව ආර්ථිකය, නිශ්චල දේපළ හා කොටස් වෙළඳපොළ ඇතුළු චීන ආර්ථික ක්ෂේත්‍රයේ වැදගත්ම ප්‍රශ්න රැසකට එහිදී  පැහැදිලි විසඳුම් ලැබී තිබේ.

                   සංවර්ධනයේ නියැලී සිටීම ප්‍රමුඛතම කාර්යය බව එම රැස්වීමේදී අවධාරණය කෙරිණ. ඒ අනුව චීනය අඛණ්ඩව ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ඉදිරියට ගෙන යනු ඇත. කෙටිකාලීන මූල්‍ය උච්චාවචනයක් පවතිද්දීත් චීන රජය දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව රටේ සංවර්ධන ක්‍රියාවලිය නොකඩවා ම ඉදිරියට ගෙන යාමේ අධිෂ්ඨානය මෙම රැස්වීමෙන් ප්‍රත්‍යක්ෂ වන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

                චීන ආර්ථිකයේ නම්‍යශීලිත්වය හා අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව ගත වූ වසර කිහිපයේ මැනවින් පිළිබිඹු වී ඇත. 2020 වසරේ වසංගත අභියෝගය හමුවේ ධනාත්මක වර්ධනයක් අත්කර ගත් ලොව එකම ප්‍රධාන ආර්ථිකය වූයේ චීනයයි. 2021 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ 8.1%ක වර්ධනය ද ලොව ඉහළ පැසසුමට ලක්වූවකි.

                 මේ වන විට චීනයේ ආර්ථික පුනරුත්ථාපනය ස්ථාවර අන්දමින් සිදුකෙරෙමින් පවතී. මේ වසරේ මුල් මාස දෙකේ චීන ආර්ථික පුනරුත්ථාපනය අපේක්ෂිත මට්ටම ඉක්මවා ගොස් ඇති අතර, එය මේ වසරේ චීන ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යහපත් අඩිතාලමක් දමා ඇති බව, මෑතදී නිකුත් ‍කෙරුණු සංඛ්‍යාලේඛනවලින් හෙළි වී තිබේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම