කලාපීය වශයෙන් වැදගත් මධ්‍යස්ථානයක් ලෙසට ලෝකයට පණිවිඩයක්
2022-03-17 14:56:05
Share with:

චීන ශ්‍රී ලංකා සබඳතාවන්හී නව වර්ධනයක් තමා  මෑත කාලයේ දී  දුටු බව වාරියපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලලිත් බණ්ඩාර මහතා පවසයි. අතීතයේ මුහුදු සේද මාවත හරහා දෙරට අතර සබඳතා වර්ධනය වී තිබූ අතර වර්තමානයේ දී එය බහුවිධ අංශ දක්වා පැතිර ගොස් තිබේ. චීනය ලොව දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වීමත් සමග චීනයේ බලපෑම ලොව පුරා අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. එවන් පැරණි මිත්‍ර රාජ්‍යයක් ලෙසට චීනය සමග සබඳතා තහවුරු කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට සිය ආර්ථික හා සාමාජීය දියුණු‍ව වෙනුවෙන් අවස්ථා රැසක් ග්‍රහනය කර ගත හැකි යැයි ද බණ්ඩාර මහතා කියයි. ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජනය වන ‍වරාය නගරය තුළින් ඉදිරියේ දී ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකි වෙතැයි තමා විශ්වාස කරන බවද හෙතෙම කියා සිටී. මෙවැනි ආයෝජනයක් වෙනුවෙන් චීනය ඉදිරිපත්වීම ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් වැදගත් මධ්‍යස්ථානයක් ලෙසට ලෝකයට පණිවිඩයක් දෙන බවද හෙතෙම පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම