චීනයේ නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවේ කර්මාන්ත උත්ශ්‍රේණිගත කිරීමට යොදා ගත හැකියි
2022-03-16 15:59:49
Share with:

චීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වන සංවත්සරය මෙම වසර‍ දෙරට අතර මිතුදමේ සුවිශේෂී මතකයන් දෙස ආපසු හැරී බැලීමට මනා අවස්ථාවක් බව ග්‍රීන් හොලිඩේ ආයතනයේ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහේෂ් රාජකරුණා මහතා පවසයි. චීනයේ අවස්ථා කිහිපයකදීම සංචාරය කර ඇති තමන් චීනය ලබාගෙන ඇති සංවර්ධන ජයග්‍රහණ සියැසින් දුටු බවද සඳහන් කරයි. විශේෂයෙන් චීනයේ විවිධ කර්මාන්ත ව්‍යවසායන් භාවිත කරන නවීන තාක්ෂණය කැපී පෙනේ. එම තාක්ෂණයන් ලොව ඉහළ මට්ටමේ පවතී. එවැනි තාක්ෂණ ඥානයන් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කළ හැකි බවට තමන් විශ්වාස කරන බවද රාජකරුණා මහතා සඳහන් කරයි. වරාය නගරය වැනි මහ පරිමාණ ආයෝජන ව්‍යාපෘති හරහා චීන තාක්ෂණයන් ශ්‍රී ලංකාවට ප්‍රවේශවීමක් සිදුවිය හැකිය. එය සුබවාදී තත්ත්වයක් යැයිද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම