මාස දෙකක් තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ඇ.ඩො මිලියන 500 ක ආදායමක්
2022-03-16 18:56:47
Share with:

මේ වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවූ ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්තය මේ වන විට වර්ධනය වෙමින් පවතින අතර,  විදේශ විනිමය උපයා ගැනීම සඳහා  වසරේ මුල් මාස දෙකේ එහි දායකත්වය අමෙරිකානු ඩොලර් මිලියන 582.8ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වුවද සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් කරමින් ආදායම් ඉපයීමේ ක්‍රියාදාමය වේගවත් කිරීම වෙනුවෙන් රජය පියවර ගනිමින් සිටින අතර එය යම් යම් අභියෝගවලට මුහුණ දෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම