චීන-ඇමරිකානු සබඳතාව යථා තත්ත්වයට පත්වීමට නම් ඇමරිකාව තම ප්‍රතිඥා ක්‍රියාවට නැංවිය යුතු බව චීනය කියාසිටී
2022-03-15 20:26:30
Share with:

           

      

                    ඊයේ (14) ඉතාලියේ රෝම නුවරදී චීනය හා ඇමරිකාව ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, චීනයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ අධ්‍යක්ෂ Yang Jie chi මහතා සහ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජාතිකාරක්ෂක කටයුතු පිළිබඳ සහකාර Jake Sullivan මහතා එහිදී සාකච්ඡා පැවැත්වූහ. මෙය, පසුගිය නොවැම්බර් මාසයේ චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් වීඩි‍යෝ ආකාරයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසු දෙරට පැවැත්වූ පළමු මුහුණට මුහුණ සාකච්ඡාවයි.

                   චීන-ඇමරිකානු සම්බන්ධතා ඉදිරියට ගෙන යාමේ වැදගත් ම කාර්යය වන්නේ චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් එළඹි එකඟතා ක්‍රියාවට නංවාලීමයි. ගත වූ මාස 4 තුළ චීනය එම එකඟතා අනුව කටයුතු කර තිබේ. එහෙත් ඇමරිකානු පාර්ශ්වය කටයුතු කර ඇත්තේ පොරොන්දු වූ ආකාරයට නම් නොවේ. චීනයේ පළාතක් වන තායිවානයට අවි අලෙවි කිරීම, සිය නිලධාරීන් තායිවානයේ කෙටි නිල සංචාරයක නිරත වීම සහ චීනය කොන් කිරීමේ අරමුණින් ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයේ නව සැලැස්ම සැකසීම ඇතුළු කටයුතු රැසක් ඇමරිකාව සිදු කර ඇත. මෙය ද්විපාර්ශ්වික සබඳතාව යථා තත්ත්වයට පත්වීමට තවදුරටත් බාධක දැමීමකි.

               මෙවර සාකච්ඡාවේදී චීනයේ තායිවානය, ටිබෙට් ස්වායත්තය, හොංකොං විශේෂ පරිපාලන කලාපය ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය සිය ආකල්පය යළි පැහැදිලි කළේ ය. එම ප්‍රශ්න චීනයේ කේන්ද්‍රීය ප්‍රශ්න වන අතර, ඒවා චීනයේ අභ්‍යන්තර කටයුතු ය. එබැවින් කිසිදු බාහිර බලවේගයකට එම ප්‍රශ්නවලට මැදිහත් වීමට ඉඩ නොදෙන බව එහිදී චීනය අවධාරණය ක‍ර තිබේ. චීන-ඇමරිකානු සම්බන්ධතා ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සම්බන්ධතා අතරින් එකකි. මෙම ද්විපාර්ශ්වික සබඳතාව යහපත් අතට ගෙන යාම සඳහා ඇමරිකාව තමන් එකඟ වූ පොරොන්දු ක්‍රියාවට නැංවිය යුතු බව චීනය පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම