ආබාධිත පුරවැසියන්ගේ මානව හිමිකම් උදෙසා චීනයේ ප්‍රශංසනීය කැපවීම යළිත් සනාථ වෙයි
2022-03-14 22:38:48
Share with:

ඊයේ (13) පැවති 2022 ශීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයේදී ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටු සභාපති Andrew Parsons මහතා මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඉහළින් අගය කළේ ය. හෙතෙම කියා සිටියේ, බෙයිජිං ශීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පෙර නොවූ විරූ විශිෂ්ට පැරාලිම්පික් ක්‍රීඩා උළෙලක් බවයි.

 බෙයිජිං ශීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී චීනය වැඩිම රන් පදක්කම් හා වැඩිම පදක්කම් සංඛ්‍යාව ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගෙන තිබේ. එයින් මනා ව පිළිබිඹු වන්නේ චීනය ආබාධ සහිත පුද්ගලයන්ගේ ක්‍රීඩා සංවර්ධනය පමණක් නොව, ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි.

අයිස් හා හිම ක්‍රීඩා සඳහා ආබාධ සහිත පුද්ගලයන්ගේ සහභාගිත්වය ඊට කදිම නිදසුනකි. 2016 වසරේ සිට චීනය වසර 6ක් පුරා ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අයිස් හා හිම ක්‍රීඩා උළෙල සංවිධාන කර තිබේ. ආබාධිත පුරවැසියන්  තුන් ලක්ෂයක පමණ පිරිසක් ඊට එක්වීම විශේෂත්වයකි. එමෙන් ම, ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් විවිධ සමාජයීය පහසුකම් සපයා දීමට චීනය ක්‍රියාශීලිව කටයුතු කරමින් සිටී. දැනට චීනයේ සමාජ සේවා පහසුකම්වලින් 81%ක් ද සේවා කවුන්ටරවලින් 56%ක් ද පොදු වැසිකිළිවලින්  38%ක් ද ආබාධ සහිත පුද්ගලයන්ගේ පහසුවට සරිලන ආකාරයට සැලසුම් කර ඇත. බස් රථ, දුම්රිය, උමං දුම්රිය හා කුලී රථ ඇතුළු මහජන ගමනාගමන සේවා තුළ ආබාධ සහිත පුද්ගලයන්ට ලැබෙන පහසුකම් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.

බෙයිජිං ශීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සාර්ථක ව පැවැත්වීම තුළින් චීනයේ මානව හිමිකම් ප්‍රගතිය මැනවින් පිළිබිඹු වී තිබේ. සශ්‍රීක සමාජයක් ගොඩ නැගීම සඳහා වෑයම් දරමින් සිටින චීනය, කිසිවිටෙක ආබාධිතයන් නොසලකා නොහරින බව මින් යළි යළිත් තහවුරු වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම