ශීත සෘතු ඔලිම්පික් උළෙලට අනුග්‍රහය සැපයීම සඳහා දකුණු අප්‍රිකානු මාධ්‍යයන්හි කැමැත්ත පළවේ
2022-01-20 15:52:05
Share with:

ශීත සෘතු ඔලිම්පික් උළෙලට අනුග්‍රහය සැපයීම සඳහා දකුණු අප්‍රිකානු මාධ්‍යයන්හි කැමැත්ත පළවේ

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ මාධ්‍ය අනුග්‍රහය ලබාදීමට කැමති බව දකුණු අප්‍රිකානු මාධ්‍ය පවසයි.

මෑතකදී අප්‍රිකානු Pretoria News, The Mercury, Cape Times යන ප්‍රධාන පුවත්පත් සහ ස්වාධීන මාධ්‍ය වෙබ් අඩවිය “බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල අසීරුතාවන් නොතකන මානව චින්තනයේ සංකේතයක් ” නම් ලිපිය නිකුත් කරමින්, මේ බව ප්‍රකාශ කර ඇත. බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල ගෝලීය ජනතාවගේ සුන්දර අපේක්ෂාව බවට පත්ව, සමස්ත මානවයාගේ පොදු සිහිනය දිරිමත් කර ඇතැයි ද එම ලිපියේ දැක්වේ.

සාමයට හා ක්‍රීඩාවට ආදරය කරන රටක් ලෙස දකුණු අප්‍රිකාව බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල පිළිබඳ දැඩි අපේක්ෂා සහගතව, ඊට පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව එම ලිපියේ සඳහන් වේ. ඔලිම්පික් උළෙල, වසංගතයෙන් එල්ල වන අසීරු පීඩාව තාවකාලිකව ලිහිල් කරනු ඇත. සමස්ත මානවයන්ගේ ප්‍රාණවත් හැඟීම් දිරිගන්වනු ඇත. එසේම, එය ලෝක ආර්ථීක පුනර්ජීවනයට ද ඉවහල් වේ. නව කොරොනා වසංගතය හා දේශගුණ විපර්යාස අර්බුදය යන තර්ජනයන්ට මුහුණ දීමේදී, ඒ ඒ රටවල් අතර සමගිය හා මිත්‍රත්වය පෙර කවරදාටත් වඩා වැදගත් බව ද එම ලිපියෙන් පෙන්වා දෙනු ලැබ තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන