චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නව වසරට සුබ පැතුම්
2022-01-01 15:15:23
Share with:

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නව වසරට සුබ පැතුම්_fororder_新媒体外显图(16:9)

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා CGTN, චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය හා වෙබ් අඩවිය ඔස්සේ එතෙර ප්‍රේක්ෂකයන්ට නව වසර වෙනුවෙන් සුබ පැතුම් පිරිනමයි. එම සුබ පැතුම් පණිවුඩය මෙසේ ය.

ආදරණීය මිත්‍රවරුනි,

නව වසරේ පළමු හිරු කිරණ දිලිසෙමින් පවතිනවා. චීනයේ සාම්ප්‍රදායික ලිත් ක්‍රමයට අනුව, මෙම වසර චීනයේ කොටියාගේ වසරයි. මේ අවස්ථාවේ දී,  බෙයිජිං නුවර සිට මම ඔබට සුබ නව වසරක් වේවා, ශක්තිමත් වේවා යි ප්‍රාර්ථනා කරනවා.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නව වසරට සුබ පැතුම්_fororder_部长照片(内文用)

ගෙවී ගිය 2021 වසරේදී චීන කොමියුනිස්ට් පක්ෂය තම ශත සංවත්සරය අභිමානයෙන් සැමරුවා. වසර සියයකට පෙර,  ස්ථාපනය වූ කාලයේ 50කට වැඩි සාමාජික පිරිසකගෙන් පමණක් සමන්විතව, අද වන විට මිලියන 90කට වැඩි සාමාජිකත්වයෙන් යුතු චීන කොමියුනිස්ට් පක්ෂය, ජනතාවට මඟපෙන්වමින් අහස පවා වෙනස් කළ හැකි තරමේ චීන ආශ්චර්යයක් නිර්මාණය කර තිබෙනවා. නව යුගයට පිවිසීමෙන් පසු චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ, බිලියන 1.4ක ජනගහනයක් සහිත චීනය, අංග සම්පූර්ණ සුවපහසු සමාජයක් ලෙස ගොඩනැගුණා.  වසර දහස් ගණනක් පුරා චීන ජනතාව පෙළූ අන්ත දිළිඳුකම ඓතිහාසිකව විසඳා ගනු ලැබුවා. විශිෂ්ට යුගය සඳහා වූ අවංක වාර්තාකරුවෙකු ලෙස චීන මාධ්‍ය සමූහය, ගතවූ වසර තුළ විශේෂ මාධ්‍ය මෙහෙයුම් මාලාවක් සකස් කළා. එමගින් චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන ජනතාව දැරූ ඉමහත් ප්‍රයත්න පිළිබඳව වීඩියෝ ආකාරයෙන් සටහන් කෙරුණු අතර වසර සියයක් වැනි දිගු කාලයක් චීන කොමියුනිස්ට් පක්ෂයේ සදාහරිත පැවැත්මට හේතුවූ ආවේණික ජාන ජගත් ප්‍රජාවට හඳුන්වා දී තිබෙනවා. මසකට පෙර චීනයේ මහජන ජාත්‍යන්තර ගුවන්විදුලි සේවාවන්හි 80 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහයට සුබ පැතුම් පිරිනැමුවා. චීන කථා මියුරුව පවසා, චීන හඩ මනාව නංවා, චීන මාධ්‍ය සමූහය ප්‍රබල ප්‍රමුඛත්වයක්, ප්‍රචාරණයක්, බලපෑමක් සතු ඉහළ පෙළේ නවීන ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් ලෙසට ගොඩනගා ගැනීමට එම සුබ පැතුම් පණිවුඩයෙන් අප දිරිගන්වනු ලැබුවා. එම ඉලක්කය කරා අපි අඛණ්ඩව ප්‍රයත්න දරමු!

පැරණි චීන උගතුන් පවසා ඇත්තේ, ඔපදැමීමෙන් ජේඩ් වඩාත් අලංකාරවත් වන්නාක් මෙන්, දැඩි අසීරුතා තුළින් කෙනෙකු ශක්තිමත් කළ හැකි බවයි. ශතවර්ෂයක් තුළ නොවූවිරූ පරිවර්තනය මෙන්ම සියවස පුරා මුණ නොගැසුණු නව කොරොනා වසංගතය හමුවේ, අද ලෝකය නොසන්සුන්ව පවතිනවා. එහෙත් සාමය, සංවර්ධනය හා සුබසෙත සොයා යන අනවරත ගමන චීන ජනතාව කිසිදිනක අතහැර නොදමනු ඇත. චීනයේ විශ්ව ඉතිහාසය, සැබෑ හා සුන්දර ජන ජීවිතය සටහන් කළ හැක්කේ චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද  විශේෂ වැඩසටහන් මාලාවකින්.

සත්‍යවාදීව කටයුතු කිරීම ලෝක මාධ්‍යවේදීන්ගේ මූලික ප්‍රමිතියක්. ගත වූ වසරේ අපි සත්‍යය තුළින් සාධාරණය හා යුක්තිය ප්‍රචාරය කිරීමට ස්ථිර ලෙස බැඳී සිටියා. ඇමරිකානු Bloomberg News ආයතනය නිකුත් කළ අසත්‍ය "ගෝලීය වසංගතයට විරෝධි ශ්‍රේණිගත කිරීම"ට මුහුණ දුන් චීන මාධ්‍ය සමූහය “අන්තර්ජාලය ඔස්සේ කොරොනා වසංගතය පිළිබඳ ජනමත විමසීම”තුන් වතාවක් පවත්වා, සත්‍යය පැහැදිලි කළා. ලොව අන්තර්ජාල පරිශීලකයින් මිලියන සියයක පිරිසකගේ ප්‍රතිචාර හා පිළිගැනීම් ඊට හිමිවුණා.ඇෆ්ගනිස්ථාන තත්ත්වය වාර්තා කිරීමේදී චීන මාධ්‍ය සමූහය එරට සිට නිකුත් කළ විශේෂ වීඩියෝ වාර්තාව මගින් ඇතැම් රටවල් අයුතු ලෙස යුද බලය භාවිත කර අහිංසක සිවිල් ජනතාව ඝතනය කිරීමේ අපරාධ හෙළි කළ අතර එය ලෝක මාධ්‍ය ආයතනවල වැදගත් ආරංචි ප්‍රභවයක් බවට පත්ව තිබෙනවා.

වගකීම් සහගත මාධ්‍ය ආයතනයක් ලෙස වෘත්තීයමය ප්‍රමිතිය අනුගමනය කරමින් අප සත්‍යය හෙළි කිරීම සඳහා අඛණ්ඩව උත්සාහ දරනවා. මාධ්‍ය කීර්තිය පොදුවේ රැක ගන්නා ලෙස අප බටහිර මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා. දේශපාලන වාසි, ජාතිය අනුව වෙනස්කොට සැලකීම හා දෘෂ්ටිවාදීමය අගතිය වෙනුවට සත්‍යය මගින් සාධාරණ, සක්‍රිය මෙන්ම විධිමත් ජාත්‍යන්තර ජනමතයක් ගොඩනගමු!

සමාන අභිලාෂයන් සහිත මිත්‍රයන්ගේ බැඳීම කඳුවලින් හෝ මුහුදෙන් හෝ වෙන් වුවත් හදවතින් දුරස් කළ නොහැකියි. ගත වූ වසරක් තුළ චීන මාධ්‍ය සමූහයේ මිත්‍ර සබඳතා පුළුල් වෙමින් පවතිනවා. අපි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන හා මිත්‍රයන් සමඟ ලියුම් 600කට වැඩි ප්‍රමාණයක් හුවමාරු කර ගනිමින් මාර්ගගත සහ මාර්ගගත නොවන ආකාරයෙන් හමුවීම් 20කට වැඩි වතාවක් පැවැත්වූවා. ඉවසීමෙන් යුතුව, මනා අන්‍යෝන්‍ය අවබෝධය ලබා ගැනීමේ මාධ්‍ය හවුල්කාරී සහයෝගීතා යාන්ත්‍රණයක් ගොඩනගා, අවංක සහ උද්යෝගිමත් මාධ්‍ය හුවමාරු මගින් අපගේ අන්‍යෝන්‍ය විශ්වාසය පාලම් සේ සවිමත් වුණා. හැඟුම්බර ඇමතුම් හා ලියුම් මගින් පෙරට වඩා හොඳින් ක්‍රියා කිරීමට අප දිරිගැන්වෙනවා. ඔබගේ විශ්වාසයට ස්තුතියි! 

ඕනෑම දෙයක් සිදු විය හැකි මේ යුගයේ "අලියාත් හිප්-හොප් නැටීමට ඉගෙන ගනී" කීවාක් මෙන් අප මාධ්‍ය විප්ලවය වැළඳ ගනිමින් සිටිනවා. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලොව ප්‍රථම වරට 4K අධි පැහැදිලි නාලිකාව මගින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සජීව විකාශය ඉදිරිපත් කිරීමට චීන මාධ්‍ය සමූහය සමත් වුණා. ලෝකයේ පළමු 4K අධි පැහැදිලි ඔලිම්පික් නාලිකාව සහ ඩිජිටල් වේදිකාව විවෘත කිරීමෙන් මාස 3කට පසු එම නාලිකාව මිලියන 400කට වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් දිනාගැනීම සුවිශේෂයි. තවත් දින 30කින් චීන සාම්ප්‍රදායික කොටියාගේ වසර උදා වීමත් සමඟ, ඔලිම්පික් ගිනිසිළුව බෙයිජිං නගරයේ යළි දැල්වෙනු ඇති. “5G+4K/8K+AI” යන සන්නිවේදන තාක්ෂණය අනුව, චීනයේ බෙයිජිං නගරයේ සිට Zhang Jiakou නගරයට දක්වා ධාවනය වන අධිවේගී දුම්රිය තුළ සජීව විකාශ මැදිරියක් චීන මාධ්‍ය සමූහය විසින් ඉදි කර තිබෙනවා. අධිවේගී දුම්රියක අධි පැහැදිලි වීඩියෝ පටිගත කිරීම හා විකාශය කිරීමේ තාක්ෂණ අභියෝගය ලොව ප්‍රථම වරට ජයගන්නා අවස්ථාව මෙයයි. එම සුවිශේෂ විකාශ කුටිය පොදු භාවිතයට යොමු කරමින් ලෝකයට ආශ්චර්යවත් බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලක් තිළිණ කරන්නට අප ලොව මාධ්‍ය ආයතනවලට ආරාධනා කරනවා. 

උදා වූ නව වසරේ චීන අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය 20 වන ජාතික නියෝජිත සම්මේලනය පවත්වනු ඇති. විශිෂ්ටත්වය, සූක්ෂ්ම බව සහ පරිපූර්ණත්වයෙන් සපිරි ඉහළ ගුණාංගවලින් යුතුව කැපවෙමින්, නව යුගයේ චීනයේ අසීමිත ජීව ශක්තිය බහුවිධ දෘෂ්ටිකෝණවලින් ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට අවශ්‍ය මාධ්‍ය දායකත්වය ලබා දීමට චීන මාධ්‍ය සමූහය සූදානම්.

යළිත් වරක් නව වසර වෙනුවෙන් මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ලෝකයටත් සුබ ප්‍රාර්ථනා කරනවා!

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන