රටේ කෘෂිකර්මාන්ත, ග්‍රාමීය හා ගොවියන් සම්බන්ධ කටයුතු සඳහා චීන ජනපතිගෙන් උපදෙස්
2021-12-27 10:10:05
Share with:

චීනයේ ග්‍රාමීය කටයුතු පිළිබඳ මධ්‍යම රැස්වීම  පැවැත්වේ.

පසුගිය 25 වනදා සිට 26 වනදා දක්වා බෙයිජිංහිදී පැවති රැස්වීම වර්තමානයේ චීන කෘෂිකර්මාන්ත, ගම්මාන හා ගොවියන් මුහුණ දෙන ගැටළු විශ්ලේෂණය කර 2022 වසරේ අදාල කටයුතු සඳහා සැලසුම් සකස් කර තිබේ.

රැස්වීමට පෙර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර කමිටුවේ කෘෂිකර්මාන්ත, ග්‍රාමීය හා ගොවියන් සම්බන්ධ කටයුතු පිළිබඳ සමුළුවක් ද කැඳවිණ. ග්‍රාමීය ප්‍රදේශ පුනර්ජීවනය පදනම් කර ‍ගත යුත්තේ දරිද්‍රතාව පිටුදැකීමේ ප්‍රතිඵලය තහවුරු කිරීම මගින් බවත් දිළිඳුකමෙන් නිදහස ලබා ගත් ජනතාවගේ ජීවිතය ඉහළ මට්ටමකට ගෙන යා යුතු බවත් ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

2022 වසරේ කෘෂිකාර්මික කේන්ද්‍රීය තාක්ෂණ අසීරුතා මඟහැර, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවල පර්යේෂණය හා භාවිතය වර්ධනය කිරීම මගින් කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ පදනම ශක්තිමත් කළ යුතු බවට එම සමුළුවේදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන